Saturday, May 22, 2010
දයාබර නුඔ....
ජිවිතය අබියස මා හඩා වැටෙනා විට
උනු කදුලු පිසදා ....
මුව මතට සිනහවක් ගෙනාවේ නුඔයි....
ආදරය නමින් මා බලාහිදිනා කල...
බලපොරොත්තුවක් වී ජිවිතයට
පණ පෙව්වේ නුඔයි....
ආදරයම ආදරයම පමණක් ඉල්ලා
හදවත හඩ තලද්දී මදපවනක දැවටිලා
මා දෙසට ආදරය වී හැමුවේ ඔබයි...ඔබ පමනමයි...
මුදු පවන වී...
මල් සුවද වී...
සොදුරු සිත මගෙ පැහැර ගත්තේ නුඔයි... නුඔ පමනමයි...
තනිකම මකා නුඹේ පෙම පුදා...
මා ප්‍රේමයෙන් මුසපත් කලෙත් නුඔයි...නුඔ පමනමයි...
නුඔ තිලිණ කල සුන්දර ලෝකය
මගේ නෙත් ලග පණ අදිද්දී...
නුදුටු සේ ඇය දෙසට පිය මැන
මගේ සිහිනයන් දවාහලු කල...
මගේ සිත් ගත් දයාබර නුඔ...
අදත් ..අද සේම හෙටත් හෙටසේම ඉදිරියෙත්
නුඔව පතනා ...නුඔ පමනක්ම පතනා පුංචි
සුරඟන මමයි...මම විතරමයි....
Subscribe to:
Post Comments (Atom)
නංගත් දැන් කවි ලියනව හිටු කියල නේ.
ReplyDeleteලස්සන සටහනක්. ආදරයෙ තියෙන සුන්දර බව බොක්කටම දැනෙන්න ලියල තියෙනව.
ඔයාව කවි ලියන්න කියල ධෛර්යමත් කරපු චෙඡනා අක්කගෙ උත්සාහය සාර්ථකයි වගේ.
තව තව ලියන්න නගේ. අපි ඉන්නවනෙ කියවල කමෙන්ට් දාන්න.
ම්ම්හ්...මගේ පලවෙනි කමෙන්ට් එක...ගොඩාක් ස්තුතියි අයියා...
ReplyDeleteඅපි ඉතින් නිතරම ඉන්නෙ ඔයාලගෙන් අලුත් පොස්ට් එකක් එනකන් මග බලාගෙනනෙ.
ReplyDeleteඒ වෙලාවවට මම ඔන්ලයින් නම් ඉතින් මුලම කමෙන්ට් එක වරදින්නෙ නෑ.
හික්ස්!!!
ඒක නෙවෙයි නගේ.... කොහොමද විබාගෙ එහෙම? මගෙන් මොළෙත් ඉල්ල තිබුනෙ.
සුරගන නුඹවෙය හදවත එකලු කල..
ReplyDeleteජීවන මගෙහි දහසක් මල් පුබුදු කල..
දුක්බර හදවතෙහි නව මං විවර කල..
නව දිවියකට පියමැන යන සුපුන් සඳ..
දැන් දැන් නගාත් කවියට බර කලාබර කෙනෙක් වෙලා නෙව..
ReplyDeleteඔහොම යං ඔහොම යං..
මතකමංපෙත...
ReplyDeleteඅනේ අයියේ විභාගේ තමා මගෙ අභාගේ...ඔයාගේ අලුත් පොස්ට් එක දැක්කා ඒක කියවන්නයන්න තාම බැරි උනා...ඉක්මනට යන්න ඕනා...ටිකක් ලේ පිරිසිදු කරගෙන එන්න...
මාරයියා....
ඔයාලව අශ්‍රය කරන්න ගිහින් තමා මේ විපත්තිය උනේ...අනේ මාරයියේ ඔයාගේ කවි වලට ගහන්න නම් මේ කලාබරට කවදාවත් බෑ...අනේ...
පැතුමක සුවය ගෙන සියොලඟ සැරිසරුව
ReplyDeleteකුසුමෙක සුවඳ දී හද මුසපත් කෙරුව
දිවියක ගමනෙදී නිති අත්වැල සැදුව
අරුමෙක මහත, ගිය යුරු මා අමතකව
This comment has been removed by the author.
ReplyDeleteආදරය, කදුළ, බලාපොරොත්තුව..
ReplyDeleteසාර්ථක නිර්මාණයක් සිස්..
එහෙම කියන්න එපා නංගියේ..
ReplyDeleteඅපි ලියන රටාව වෙනස් උනාට, කොයි දේත් ගත යුත්තක් තියෙනවා..
ඇත්තටම මට නම් ඔයාගේ නිර්මාණ ලස්සනයි..
ඒත් ඔයා මොනවා නමුත් හේතුවක් නිසා නිර්මාණය වෙනස් කරනවාදෝ කියලත් මට හිතෙනවා..
විහඟ ගීතය, මින්දද, මාරයියා තුන් දෙනාටම ස්තුතියි ගොඩාක්....
ReplyDeleteඅපූරුයි..!
ReplyDelete