Thursday, December 30, 2010

දඬුවම


කාලෙකට පස්සෙ වාඩි උනා t.v එක ටිකක් බලන්න කියලා හිතාගෙන.මෙන්න එතකොටම phon එක ring වෙනවා.කතා කරන්න නම් විශේෂ. කෙනෙක් නෑ.බලමු යාලුවෙක්ද දන්නේ නෑ කියලා හිතමින්ම මං phon එක අතට අරගත්තා.number එක නම් අදුනන්නේ නෑ.කමක් නෑ.
" හෙලො"
"හෙලො...."ම්හ්..කිසි සද්දයක් නෑ.ම්...මේ කව්ද බොලේ,මාත් එක්ක සෙල්ලම් කරන්න හදන කෙනා.එහෙම හිතමින්ම මං නැවතත් හෙලො කිවෙමි.ඒත් සද්දයක් නම් නෑ
"මේ මොන විකරයක්ද මේ...පිස්සෙක්ද කොහෙද"කියා මා ඇමතුම විසන්දි කලෙමි.number එක මොකක්ද කියලා බල බල ඉද්දි මෙන්න අයෙත් ඒ number එකෙන්ම...ගන්දෝ නොගන්දෝ....කමක් නෑ,answer කරනවා.
"හෙලො"
"හෙලො නෙත්මි"
"ම්...කව්ද මේ..."
"අදුනන්න බැයිද මාව"
මදක් කල්පනා කර "අනේ sorry,මට මතක නෑනෙ"යි කීවෙමි.
"නෙත්මි ම... ම...මං නිවන්..."
මාව සීතල වී ගල් ගැසී ගියාක් මෙනි,මොහොතකට දැනුනේ මුලු ලෝකයම මා අසල නැවතුනු බවකි.
"නිවන්" කීවා නොව මගෙ කටින් පිටවිය.හිත නොසන්සුන්ය,කෙලෙස අදහා ගන්න දැයි මට නොහැගෙ.
නිවන්,නිවන් මගේ නිවන්,මගේම නිවන්...නෑ...මගෙ කියලා මං හිතන් හිටපු ,හීනෙකින්වත් මගේ නොවුනු,කවදා හරි හොයන් ඒවී කියලා මං හිතන් හිටපු... නිවන්... දෙයියනේ .....මේ එයා.
"හෙලො,හෙලො..නෙත්මි, ඔයා අහගෙනද?"
"ම්.... ඔව්... ඔව් නිවන් මං අහගෙන"
තප්පර කිහිපයක නිහඩ තාවයකට පසු නැවතත් හඬ අවදි කල ඔහු "තරහද නෙත්මි"
අමාරුවෙන් හඬ අවදි කල මා "නෑ" යි කීවෙමි.එය ඔහුට ඇසුනාද නැද්දවත් නොදනිමි.
"මට සමාවෙන්න නෙත්මි,මට සමාවෙන්න"ඔහු මහත් වේදනවකින් කීවාය.
මට ඉකි බිදිනි,කෑ ගසා හඩන්නට තරම් වේදනාවක් මට දැනුනි. ජිවිතය , මේ ආදරය , මෙලෙස මටම දඩුවම් කරන්නේ ඇයි.මං මගෙන්ම විමසුවෙමි.
" නෙත්මි, මේ අව්රුදු 12 මම මැරි මැරි ජිවත් උනේ.මං පිච්චුනා කෙල්ලෙ,ඔයාව මතක් වෙන හැම තප්පරයක් ගානේම මගෙ හිත පිච්චුනා.මට සමාවෙන්න මගෙ රත්තරං.මට කවදාවත් ඔයාව රවට්ටන්න,රිද්දන්න ඕනා වුනෙ නෑ.මං ඔයාට අදරේ කලා,මගේ මුලු ලොකේම ඔයා කියලා හිතලා මං ඔයාට අදරේ කරා.දන්නෑ මං දන්නෑ රත්තරං අපිට මොකද උනෙ කියලා.මං විදෙව්වා අවුරුදු 12ක් මං විදෙව්වා මගෙ කෙල්ලෙ උඔ නැතුව .. තවත් බෑ.මං මැරෙයි , සත්තයි මං මැරෙයි නෙත්මි . ඔයා නැතුව තවත් ජිවත් වෙන්නෙ කොහොමද මං.
ඔහු එක දිගට එක පෙලට කියාගෙන යයි.ඔහුගෙන් අසන්නට,ඔහුට කියන්නට මටද බොහෝ දෙවල් ඇති මුත් හඬ අවදි කර ගත නොහැක.පිටාර ගලන වැවක් මෙන් උණු කදුලු කැට නිදහසේ වේගයෙන් කම්මුල් ඔස්සේ ගලාන යයි. ඒවා පිසදැමීමට තරම් වත් උවමනාවක් මට නොතිබිනි.
"නෙත්මි, කතා කරන්න නෙතූ....කතා කරන්න.බනින්න මට, ඔයාගේ දුක නිවෙනකම් බනින්න "
ඔහු මේ කියන දෙවල් ගැන මට පුදුමත් සිතේ...ඔහුට බැනලා මගෙ වේදනාව අඩු වෙනවනම් මා එය කරන්නෙ මීට අවුරුදු 12කට කලින්ය.එය එසේ වීනම් මා අද මෙතරම් වේදනා විදින්නේද නැත.
"ගිය දේවල් ගැන දැන් කතා කරලා ඵලක් නැ නිවන්" මම අමාරුවෙන් කියා ගතිමි.
"ඵලක් නැත්තේ නෑ නෙතූ...අඩු ගානේ අපේ හිත්වල වේදනාව හරි අඩු වෙයි.අපි කතා කරමු නෙතූ"
"මට තේරෙන්නෑ නිවන්. ඇයි ඔයා මට කතා කලේ.ඇයි ආයෙමත් මගේ ලොකෙට ආවෙ.මං හිත හදා ගත්තේ ගොඩාක් දුක් විදලා දෙයියනේ.ඇයි ආයෙමත් මගෙ සැනසීම නැති කරන්න හදන්නේ"
"අනේ එහෙම කියන්න එපා නෙතූ,මට ඔයා නැතුව ජිවත් වෙන්න බෑ"
"මෙච්චරකල් ජීවත් උනෙ ඒ විදිහටම ජිවත් වෙන්න නිවන් " මං මේ තරම් නපුරු වෙන්නේ කෙලසදැයි මටම නොහැගේ.
නිවන් හඩා වැටෙන්නට විය,මගේ සිත රිදුම් දුන්නද නැවතත් ඔහුව මගේ ලොකෙට ගන්නට මට නොහැක.ඔහු මට අයිති නැත.දැනට අවුරුදු 12කට පෙර ඔහු මගේ කියා මා පිලිගත්තද,ඔහුගෙ දෙමාපියන් නිසා ඔහු මගෙන් දුරස් විය.ඒදා මා හඩා වැටෙද්දී ඔහු මා සනසන්නට හෝ නොඅවාය.සියලු දුක් වේදනා තනිව වින්දේ මාය.අව්රුදු 12ක පසු ඔහු දැන් නැවත පැමින ඇත.සමාවක් දුන්නද නැවත මගෙ ජිවිතයට පිලිගත නොහැක.
"ඔයා මොනතරම් පින්සේන්ඩු උනත් ආයෙත් හැරෙන්න මට බෑ නිවන්. ඒක කොහොමටවත් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.තෙරුම් ගන්න"
"නෙත්මි ඔයා මගෙන් පලිගන්නවද?"
"අනේ නිවන් මට එහෙම කරන්න පුලුවන් උනානම්"
"අපි අලුත් ජිවිතයක් ලස්සනට පටන් ගමු නෙතූ"
අලුත් ජීවිතයක්.. අලුත් ජිවිතයක්ද නිවන්..අවුරුදු 12 කට කලින් ඔයා මාව කාත් කවුරුත් නැති හිගන්නියෙක් වගේ අතඇරලා දාලා යද්දීයි මට ජීවිතේ නැති උනේ නිවන්... ඔව් එදායි මට මාවම නැති උනේ... හිත හදාගන්න කෑ ගහලා ඇඩුවා...නොකානොබී හිටියා..ඒ කාගෙන්වත් පලි ගන්න නෙවෙයි බඩගින්දර දැනෙද්දී හිතේ ගින්දර අමතක වෙයි කියලා හිතුනු නිසා..මේ අවුරුදු 12 මං ජීවත් වෙලා තියෙනවා නිවන්...මළමිනියක් වගේ හරි ජීවත් වෙලා තියෙනවා...ඔයා එගැන සතුටු වෙන්න ...ඔයා අද ආපහු හැරෙද්දී මං මැරිලාගිහින් නම් ඔයා මීට වඩා විදවයි..."
"නෙතූ ඔයා මට ඕන තරම් බනින්න....ඕන දෙයක් කියන්න...ඕනම දඩුවමක් දෙන්න...මං තරහා නෑ කව්දාවත්....ඒත් මට ඔයාව ඕනා...මගේ ජිවිතේ ඉතුරු ටිකවත් ඔයත් එක්ක සැනසීමේ ජිවත් වෙන්න මට ඔයාව ඕනා.."
"දෙයියනේ..නිවන්.., ඔයා කොහොමද ඔය තරම් ආත්මාර්ථකාමී උනේ...ඒදා මගෙන් වෙන් වෙන්න ඔයා කිව්වේ අම්මාට තාත්තාට වේදානාවක් දෙන්න බෑ කියලා නේද...ආ... ඒ වෙනුවෙන් ඔයාට මොන දුක උහුලන්න උනත් ඔයා ඒක සතුටින් භාර ගන්නවා කිව්වේ...එතකොට අද..අද මොකද උනේ... අද මොකද උනේ නිවන්...අද මාව ඔයාගේ දෙමාපියන්ට ගැලපෙනවද..., ඔයාගේ තත්වෙට මාව ගැලපෙනවද..."
" අනේ මට සමාවෙන්න නෙතූ...දහස්වාරයක් මට සමාවෙන්න...මං වැරදියි ..මට තේරෙනවා..මං වැරදියි...ඒත් මට ඔයාව ඕනා...ඔයාට මතකද අපි අපේ අනාගතේ ගැන මවපු හීන...ඒ ලස්සනම ලස්සන හීනවලට අපි පණ දෙන්න ඕනා..මං ඔයාගේ හැම හීනයක්ම හෑබෑකරනවා කෙල්ලේ.."
" හ්ම්...ඒ හීන අමතක උනේ ඔයාටයි රත්තරං...මට හැමදාම ඒවා මතක තිබුනා..ඒ මතකය නිසාවෙන්ම මං වින්ද වේදනා වල අඩුවක් තිබුනේ නෑ..ඔයා මට සමාවෙන්න නිවන්...ඔයාට මෙහෙම කියන්න මං කවදාවත් බලාපොරොත්තු උනේ නෑ.. , අද ඔයා මට ගැලපෙන්නෙ නෑ නිවන් ...හේතුව ඔයා දික්කසාද වෙච්ච මිනිහෙක් නිසාවත් , දරුවො 2න්නෙක්ගේ තාත්තෙක් නිසාවත් නෙවෙයි...එකම හේතුව .......ඔයා විශ්වාස කරන්න පුලුවන් මිනිහෙක් නොවීම..."

කියන්නට තව දහසක් දේ තිබුනද කිසිම දිනක මට පිරිමියෙකු හඩනවා දැකීමට හෝ ඇසීමට ඇති නොහැකියාව නිසාම මා ඇමතුම විසන්දි කලෙමි..හදවත පුපුරු ගහන්නට විය..ඇස් වලින් ගින්දර පිටවන්නාක් මෙනි... මේ වේදනාව ඉවර වන තුරු හඩන්නට උවමනාය...නමුත් ඵලක් නොවන බව දන්නේ ඉවරවන්නේ කදුලු මිස වේදනාව නොවන බැවිනි...මා ඇස් තදින් පියා ගතිමි..දැවිල්ල මොහොතකට නැවතුනාක් මෙන් දැනුනි..මා නිවන්ට කීදෙවල් නැවත මතකයට නඟා ගෑනිමට උත්සහකලෙමි..මං ගත් තීරණය හරිද..

මා ගත් තීරණය නිවැරදි දැයි නොදනිමි...නමුත් මට මෙන් ඔහුටද දඩුවමක් තිබිය යුතුය..ඔහුට ආදරය කල පවට අදද මා තනිකඩය... ඊටත් වඩා දරුනු වේදනාවකින් දැවෙමින් ඉන්නෙමි හෙටද එය ඒසේ නොවේ යැයි කාට නම් කිව හැකිද....නමුත් ඔහු.....

මෙය ඔහුට දඩුවමක් වේද නොවේද නොදනිමි...දන්නා එකම දේනම් මට සදාකාලිකවම සැනසීමක් නොමැති බවය..

Tuesday, December 14, 2010

ලගදිම දිනෙක අයේත් ඒවි නැතිවුනු සතුට නුඔ සොයාගෙන

ජිවිතය අද
දුෂ්කරයි ඔබ ලඟ
එනමුත් දනී මම
ඔබ ශක්තිමත් වඟ තවම

ගරා වැටුනු බිත්ති සේම
ගරා වැටුනු ජිවිතද...
යදින්නේ ඔබේ සරණම නේද..ඔය

සියුම් තරහක්
මතුවුනද විටකදි
මගේ ලොව නොසැලෙන
පහන් ටැඔ ඔබ

එපා කදුලැල් ගන්න නෙත් වෙත
ජීවිතය හැර දිව නොයන් කිසි විට
පරාද නොවෙයි ලෝකය හමුවේ ඔබ
ඒදා මෙන් මගෙ හිත කියයි, අදත් මට

අද මෙලෙස දුක් වුවද...
යලි දිනක් ඒයි නැවත
සැගව ගිය ඒ සතුට
අප සොයා පැමිනෙන

එතෙක්...........
බය නොවී ඉන්න ඔබ
සැහැල්ලුවෙන් දිවි ගෙවමින්
ලෝකයට කියාදෙන්න හිනාව ගැන....


............... ලගදිම දිනෙක අයේත් ඒවි , ඒ නැතිවුනු සතුට නුඔ සොයාගෙන..................

ප.ලි- ඒ සතුට ආ යුතුමයි...රැයක් ඇත්නම් ඒ රැය නිමාවන අලුයම සේම , මේ වේදනාවන් නිමා කරමින් සතුට ඔබ සොයා ආ යුතුමයි...එතකන් මේ ජිවිතය දරාගන්න..ඔව් ඔයාට ඒක පුලුවන්..මට තේරේනවා ඒක ඔයාට පුලුන් කියලා . මේ දුක් වලට නැවතුම තියන්න ඔයාටමයි පුලුවන් . ඔයා දිහා බලන් හූල්ලන ඔය ගෙදර බිත්ති වලට වගේම තවමත් පණ තියෙන ජිවිත වලට කියලා දෙන්න ලගදිම මේ ආකාරුණික වේදනාව ඉවර වෙන බව...ඔයා ඒ මූණූ වලට හිණාව අරගෙන එන බව..ඒත් එතකන් " මං ඔයා ලඟම බව කියනෙපා...."