tag:blogger.com,1999:blog-60443540940832218382024-02-19T11:37:36.881+05:30මම දන්නෙ නැහැ....මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6044354094083221838.post-20237989247787706142011-10-08T16:30:00.000+05:302011-10-08T16:30:19.647+05:30 වියැකුනු සෙනෙහස
පැතුම් පොදිගනන් බැදගෙන
හීන කන්දක් හිස දරාගෙන
රන්හුයෙන් සුලැගිලි ද බැදගෙන
ආව දා මං ඔබේ සෙවනට
ඔබට අමතක වීද අද දින
සිගිති සුරතල් දියණියක මම
ඔබේ දෑතට තිලිණ කල දින
මගේ නළලත තෑබූ සෙනෙහස
වියැකිලා අද.... ඔබට දැනුනද
පුංචි දියණිය ඔබේ ලග හිද
කියන සුරතල් වදන් ගැන ඔබ
ආදරෙන් මා සමග මිමිණු
යුගය නැවතත් ඒද අප වෙත
කාලෙකට පස්සෙ වාඩි උනා t.v එක ටිකක් බලන්න කියලා හිතාගෙන.මෙන්න එතකොටම phon එක ring වෙනවා.කතා කරන්න නම් විශේෂ. කෙනෙක් නෑ.බලමු යාලුවෙක්ද දන්නේ නෑ කියලා හිතමින්ම මං phon එක අතට අරගත්තා.number එක නම් අදුනන්නේ නෑ.කමක් නෑ.
" හෙලො"
"හෙලො...."ම්හ්..කිසි සද්දයක් නෑ.ම්...මේ කව්ද බොලේ,මාත් එක්ක සෙල්ලම් කරන්න හදන කෙනා.එහෙම හිතමින්ම මං නැවතත් හෙලො කිවෙමි.ඒත් සද්දයක් නම් නෑ
"මේ මොන විකරයක්ද මේ...පිස්සෙක්ද කොහෙද"කියා මා ඇමතුම විසන්දි කලෙමි.number එක මොකක්ද කියලා බල බල ඉද්දි මෙන්න අයෙත් ඒ number එකෙන්ම...ගන්දෝ නොගන්දෝ....කමක් නෑ,answer කරනවා.
"හෙලො"
"හෙලො නෙත්මි"
"ම්...කව්ද මේ..."
"අදුනන්න බැයිද මාව"
මදක් කල්පනා කර "අනේ sorry,මට මතක නෑනෙ"යි කීවෙමි.
"නෙත්මි ම... ම...මං නිවන්..."
මාව සීතල වී ගල් ගැසී ගියාක් මෙනි,මොහොතකට දැනුනේ මුලු ලෝකයම මා අසල නැවතුනු බවකි.
"නිවන්" කීවා නොව මගෙ කටින් පිටවිය.හිත නොසන්සුන්ය,කෙලෙස අදහා ගන්න දැයි මට නොහැගෙ.
නිවන්,නිවන් මගේ නිවන්,මගේම නිවන්...නෑ...මගෙ කියලා මං හිතන් හිටපු ,හීනෙකින්වත් මගේ නොවුනු,කවදා හරි හොයන් ඒවී කියලා මං හිතන් හිටපු... නිවන්... දෙයියනේ .....මේ එයා.
"හෙලො,හෙලො..නෙත්මි, ඔයා අහගෙනද?"
"ම්.... ඔව්... ඔව් නිවන් මං අහගෙන"
තප්පර කිහිපයක නිහඩ තාවයකට පසු නැවතත් හඬ අවදි කල ඔහු "තරහද නෙත්මි"
අමාරුවෙන් හඬ අවදි කල මා "නෑ" යි කීවෙමි.එය ඔහුට ඇසුනාද නැද්දවත් නොදනිමි.
"මට සමාවෙන්න නෙත්මි,මට සමාවෙන්න"ඔහු මහත් වේදනවකින් කීවාය.
මට ඉකි බිදිනි,කෑ ගසා හඩන්නට තරම් වේදනාවක් මට දැනුනි. ජිවිතය , මේ ආදරය , මෙලෙස මටම දඩුවම් කරන්නේ ඇයි.මං මගෙන්ම විමසුවෙමි.
" නෙත්මි, මේ අව්රුදු 12 මම මැරි මැරි ජිවත් උනේ.මං පිච්චුනා කෙල්ලෙ,ඔයාව මතක් වෙන හැම තප්පරයක් ගානේම මගෙ හිත පිච්චුනා.මට සමාවෙන්න මගෙ රත්තරං.මට කවදාවත් ඔයාව රවට්ටන්න,රිද්දන්න ඕනා වුනෙ නෑ.මං ඔයාට අදරේ කලා,මගේ මුලු ලොකේම ඔයා කියලා හිතලා මං ඔයාට අදරේ කරා.දන්නෑ මං දන්නෑ රත්තරං අපිට මොකද උනෙ කියලා.මං විදෙව්වා අවුරුදු 12ක් මං විදෙව්වා මගෙ කෙල්ලෙ උඔ නැතුව .. තවත් බෑ.මං මැරෙයි , සත්තයි මං මැරෙයි නෙත්මි . ඔයා නැතුව තවත් ජිවත් වෙන්නෙ කොහොමද මං.
ඔහු එක දිගට එක පෙලට කියාගෙන යයි.ඔහුගෙන් අසන්නට,ඔහුට කියන්නට මටද බොහෝ දෙවල් ඇති මුත් හඬ අවදි කර ගත නොහැක.පිටාර ගලන වැවක් මෙන් උණු කදුලු කැට නිදහසේ වේගයෙන් කම්මුල් ඔස්සේ ගලාන යයි. ඒවා පිසදැමීමට තරම් වත් උවමනාවක් මට නොතිබිනි.
"නෙත්මි, කතා කරන්න නෙතූ....කතා කරන්න.බනින්න මට, ඔයාගේ දුක නිවෙනකම් බනින්න "
ඔහු මේ කියන දෙවල් ගැන මට පුදුමත් සිතේ...ඔහුට බැනලා මගෙ වේදනාව අඩු වෙනවනම් මා එය කරන්නෙ මීට අවුරුදු 12කට කලින්ය.එය එසේ වීනම් මා අද මෙතරම් වේදනා විදින්නේද නැත.
"ගිය දේවල් ගැන දැන් කතා කරලා ඵලක් නැ නිවන්" මම අමාරුවෙන් කියා ගතිමි.
"ඵලක් නැත්තේ නෑ නෙතූ...අඩු ගානේ අපේ හිත්වල වේදනාව හරි අඩු වෙයි.අපි කතා කරමු නෙතූ"
"මට තේරෙන්නෑ නිවන්. ඇයි ඔයා මට කතා කලේ.ඇයි ආයෙමත් මගේ ලොකෙට ආවෙ.මං හිත හදා ගත්තේ ගොඩාක් දුක් විදලා දෙයියනේ.ඇයි ආයෙමත් මගෙ සැනසීම නැති කරන්න හදන්නේ"
"අනේ එහෙම කියන්න එපා නෙතූ,මට ඔයා නැතුව ජිවත් වෙන්න බෑ"
"මෙච්චරකල් ජීවත් උනෙ ඒ විදිහටම ජිවත් වෙන්න නිවන් " මං මේ තරම් නපුරු වෙන්නේ කෙලසදැයි මටම නොහැගේ.
නිවන් හඩා වැටෙන්නට විය,මගේ සිත රිදුම් දුන්නද නැවතත් ඔහුව මගේ ලොකෙට ගන්නට මට නොහැක.ඔහු මට අයිති නැත.දැනට අවුරුදු 12කට පෙර ඔහු මගේ කියා මා පිලිගත්තද,ඔහුගෙ දෙමාපියන් නිසා ඔහු මගෙන් දුරස් විය.ඒදා මා හඩා වැටෙද්දී ඔහු මා සනසන්නට හෝ නොඅවාය.සියලු දුක් වේදනා තනිව වින්දේ මාය.අව්රුදු 12ක පසු ඔහු දැන් නැවත පැමින ඇත.සමාවක් දුන්නද නැවත මගෙ ජිවිතයට පිලිගත නොහැක.
"ඔයා මොනතරම් පින්සේන්ඩු උනත් ආයෙත් හැරෙන්න මට බෑ නිවන්. ඒක කොහොමටවත් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.තෙරුම් ගන්න"
"නෙත්මි ඔයා මගෙන් පලිගන්නවද?"
"අනේ නිවන් මට එහෙම කරන්න පුලුවන් උනානම්"
"අපි අලුත් ජිවිතයක් ලස්සනට පටන් ගමු නෙතූ"
අලුත් ජීවිතයක්.. අලුත් ජිවිතයක්ද නිවන්..අවුරුදු 12 කට කලින් ඔයා මාව කාත් කවුරුත් නැති හිගන්නියෙක් වගේ අතඇරලා දාලා යද්දීයි මට ජීවිතේ නැති උනේ නිවන්... ඔව් එදායි මට මාවම නැති උනේ... හිත හදාගන්න කෑ ගහලා ඇඩුවා...නොකානොබී හිටියා..ඒ කාගෙන්වත් පලි ගන්න නෙවෙයි බඩගින්දර දැනෙද්දී හිතේ ගින්දර අමතක වෙයි කියලා හිතුනු නිසා..මේ අවුරුදු 12 මං ජීවත් වෙලා තියෙනවා නිවන්...මළමිනියක් වගේ හරි ජීවත් වෙලා තියෙනවා...ඔයා එගැන සතුටු වෙන්න ...ඔයා අද ආපහු හැරෙද්දී මං මැරිලාගිහින් නම් ඔයා මීට වඩා විදවයි..."
"නෙතූ ඔයා මට ඕන තරම් බනින්න....ඕන දෙයක් කියන්න...ඕනම දඩුවමක් දෙන්න...මං තරහා නෑ කව්දාවත්....ඒත් මට ඔයාව ඕනා...මගේ ජිවිතේ ඉතුරු ටිකවත් ඔයත් එක්ක සැනසීමේ ජිවත් වෙන්න මට ඔයාව ඕනා.."
"දෙයියනේ..නිවන්.., ඔයා කොහොමද ඔය තරම් ආත්මාර්ථකාමී උනේ...ඒදා මගෙන් වෙන් වෙන්න ඔයා කිව්වේ අම්මාට තාත්තාට වේදානාවක් දෙන්න බෑ කියලා නේද...ආ... ඒ වෙනුවෙන් ඔයාට මොන දුක උහුලන්න උනත් ඔයා ඒක සතුටින් භාර ගන්නවා කිව්වේ...එතකොට අද..අද මොකද උනේ... අද මොකද උනේ නිවන්...අද මාව ඔයාගේ දෙමාපියන්ට ගැලපෙනවද..., ඔයාගේ තත්වෙට මාව ගැලපෙනවද..."
" අනේ මට සමාවෙන්න නෙතූ...දහස්වාරයක් මට සමාවෙන්න...මං වැරදියි ..මට තේරෙනවා..මං වැරදියි...ඒත් මට ඔයාව ඕනා...ඔයාට මතකද අපි අපේ අනාගතේ ගැන මවපු හීන...ඒ ලස්සනම ලස්සන හීනවලට අපි පණ දෙන්න ඕනා..මං ඔයාගේ හැම හීනයක්ම හෑබෑකරනවා කෙල්ලේ.."
" හ්ම්...ඒ හීන අමතක උනේ ඔයාටයි රත්තරං...මට හැමදාම ඒවා මතක තිබුනා..ඒ මතකය නිසාවෙන්ම මං වින්ද වේදනා වල අඩුවක් තිබුනේ නෑ..ඔයා මට සමාවෙන්න නිවන්...ඔයාට මෙහෙම කියන්න මං කවදාවත් බලාපොරොත්තු උනේ නෑ.. , අද ඔයා මට ගැලපෙන්නෙ නෑ නිවන් ...හේතුව ඔයා දික්කසාද වෙච්ච මිනිහෙක් නිසාවත් , දරුවො 2න්නෙක්ගේ තාත්තෙක් නිසාවත් නෙවෙයි...එකම හේතුව .......ඔයා විශ්වාස කරන්න පුලුවන් මිනිහෙක් නොවීම..."
කියන්නට තව දහසක් දේ තිබුනද කිසිම දිනක මට පිරිමියෙකු හඩනවා දැකීමට හෝ ඇසීමට ඇති නොහැකියාව නිසාම මා ඇමතුම විසන්දි කලෙමි..හදවත පුපුරු ගහන්නට විය..ඇස් වලින් ගින්දර පිටවන්නාක් මෙනි... මේ වේදනාව ඉවර වන තුරු හඩන්නට උවමනාය...නමුත් ඵලක් නොවන බව දන්නේ ඉවරවන්නේ කදුලු මිස වේදනාව නොවන බැවිනි...මා ඇස් තදින් පියා ගතිමි..දැවිල්ල මොහොතකට නැවතුනාක් මෙන් දැනුනි..මා නිවන්ට කීදෙවල් නැවත මතකයට නඟා ගෑනිමට උත්සහකලෙමි..මං ගත් තීරණය හරිද..
මා ගත් තීරණය නිවැරදි දැයි නොදනිමි...නමුත් මට මෙන් ඔහුටද දඩුවමක් තිබිය යුතුය..ඔහුට ආදරය කල පවට අදද මා තනිකඩය... ඊටත් වඩා දරුනු වේදනාවකින් දැවෙමින් ඉන්නෙමි හෙටද එය ඒසේ නොවේ යැයි කාට නම් කිව හැකිද....නමුත් ඔහු.....
මෙය ඔහුට දඩුවමක් වේද නොවේද නොදනිමි...දන්නා එකම දේනම් මට සදාකාලිකවම සැනසීමක් නොමැති බවය..මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com15tag:blogger.com,1999:blog-6044354094083221838.post-74193280006067008072010-12-14T11:10:00.005+05:302010-12-14T13:33:02.084+05:30ලගදිම දිනෙක අයේත් ඒවි නැතිවුනු සතුට නුඔ සොයාගෙනජිවිතය අද
දුෂ්කරයි ඔබ ලඟ
එනමුත් දනී මම
ඔබ ශක්තිමත් වඟ තවම
ගරා වැටුනු බිත්ති සේම
ගරා වැටුනු ජිවිතද...
යදින්නේ ඔබේ සරණම නේද..ඔය
සියුම් තරහක්
මතුවුනද විටකදි
මගේ ලොව නොසැලෙන
පහන් ටැඔ ඔබ
එපා කදුලැල් ගන්න නෙත් වෙත
ජීවිතය හැර දිව නොයන් කිසි විට
පරාද නොවෙයි ලෝකය හමුවේ ඔබ
ඒදා මෙන් මගෙ හිත කියයි, අදත් මට
අද මෙලෙස දුක් වුවද...
යලි දිනක් ඒයි නැවත
සැගව ගිය ඒ සතුට
අප සොයා පැමිනෙන
එතෙක්...........
බය නොවී ඉන්න ඔබ
සැහැල්ලුවෙන් දිවි ගෙවමින්
ලෝකයට කියාදෙන්න හිනාව ගැන....
............... ලගදිම දිනෙක අයේත් ඒවි , ඒ නැතිවුනු සතුට නුඔ සොයාගෙන..................
ඔබේ පුංචි මුව කමල
දෙස බලන් හැම දිනෙක
මා සිතමි මගේ දුට
පින්වන්ත මවක් වෙන්න
හිත පුරා නිති නැගෙන
ආදරේ තරම මට
කියාදෙන්න මදි තවම
මා දන්න වදන් සැම
මොළකැටි දෙඅත් පා
දගකරන විලාසයට
හදවතින් ගලාඑන
සෙනෙහසේ මව් ගුණය
නුබේ නමින් පෙරලුවෙමි
සුදු දුවේ කිරි බවට
මගෙ පුංචි ලෝකයට
සතුට සැනසුම ගෙනා
මේ පුංචි සුරගනට
සිත නීවි සැනහෙන්න
පතා මම හැමදිනම
දල්වන්න හිතාගත්
බුදු පහන දෙස බලාන
දහස් වරක් එක සිතින්
පෑතූ ඔබ නොලැබෙන්න
තරම් මා අතින් උනු
වරද කිමදැයි සිතමි....!!!මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com11tag:blogger.com,1999:blog-6044354094083221838.post-51681563651564358432010-07-04T20:35:00.004+05:302010-07-04T21:31:00.121+05:30"සමාවෙන්න"මට මගෙ සිත හදා ගන්න
උදව් වෙන්න මට බැරි කොට
එහෙව් මගෙන් ඔබේ හිතට
කිනම් සහනයක් දෙන්නද...
මේ ජිවිතේ වැලපෙන්නේ
ඔහු වෙනුවෙන් නොවන බවද
ඔබ වෙනුවෙන් පමනක් බව
ඔබට කෙලස නම් කියම් ද
මා නිතරම ආඩම්බර වග
ඔබ හැමදාමත් කීවද...
කවදා හෝ දුටුවද ඔබ
හදවත තුල ඇති දයාව
"සමාවෙන්න"කියනු මිසක
නොහැක අන් යමක් කරන්න
ඔබට වඩා මා අසරන
බව පමනක් සිතා ගන්න
හැමදාමත් කාටම හරි
කරදරයක් උනා මිසක
කිසි හිතකට සැනසීමක්
වෙන්නට බැරිවිය මා හට
මල් වයසෙ යුවතියන්ට
ඇති දහසක් සොදුරු පැතුම්
එනමුදු ඔබ දන්නවාද...
මගෙ පැතුමන් ගිලිහුනු බව..
දැන් ඇත්තේ එක පැතුමයි..
"මරණය"ඒ පැතුම තමයි
ඔහු කැදවා ගෙන යන තුරු
හුස්ම ගන්නවා පමනයි...මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com12tag:blogger.com,1999:blog-6044354094083221838.post-39689260160800235502010-06-29T11:55:00.002+05:302010-06-29T12:35:24.943+05:30සැනසුම කොයි ගියාවදෝ....දින දින බලා උන්නෙමි මම නුබ එනකන්
දැන් ගතවී ඇත බොහො දින නුබ නෑවිත්
සිත පෑරෙයි වෙන හැමදිනටත් වැඩියෙන්
සිත සනසන සැනසුම නුබ කොහෙද ඉතිං
නුබ ඇවිදින් මගෙ මුදු සිත සනහාපන්
යලි නොගිහින් මේ සිත අසලින් හිදපන්
කිසි අයෙකුට නුබ ගෙනියන්නට නොදිමින්
රැක ගන්නම් මගේ සැනසුම වරෙන් ඉතින්
වෙන කිසිවක් නෑ අවැසි මෙමට ඉතින්
නුබ පමනයි නැත්තේ මගෙ සිත අසලින්
තිබෙන සියලු සන්තක මා නමට ඉතින්
සියල්ල ගෙන නුබ පමනක් වරෙන් ඉතින්
නුබට නොහැකිනම් මා සිත සනහන්න
සැනසුම නොමැති ජිවිතයක් එපා ඔන්න
සදාතනික සැනසුම මට හිමිවෙන්න
හදවත සසල විය මිතුරි එය කියන කල
කලයුතු දෙයක් නෑ හැගුනේ එවිට මට
එකවර මතක් වූයේ ඔබේ නුවන් යුග
දෙනුවන් තේමී ගියෙ ඉවසනු නොහැකි කල
එදා බැදුනු ආදරයෙහි නෑ අඩුවක්
සදා ඔබට පෙම්බදින්න හිත හැදුවත්
නොමැත ඉඩක් ඔබේ ලොවේ තව දුරටත්
දෙන්න ලගින් ඉන්නට මට එක මොහොතක්
මගෙ ආදර මිතුරියගෙන් දු.ක ඉල්ලා
වචන දෙකක් පවසා ඔබ දිරිගන්වා
කියනට අවැසි වූ මුත් ඔබ ලග සැමදා
රැදෙන්නටයි මට ඕනා හිත නොතලා
මිතුරිය කෙලෙස හදුනන්නෙද මගේ සිත
නිතරම ඇය පවසන්නේ වෙනතක යන්න
ආදරයක් නෑ ඇය කිසි දිනක කර
ඉතින් කෝම දුක දන්නේද එහි තිබෙන
හිත පතනා කිසිවක් නෑ ඉටු වූයේ
තවදුරටත් නෑ පැතුමක් හිත වූයේ
ඔබ වෙනුවෙන් හැමදාමත් හිත හැඩුවේ
ඇයි මේ හැටි දුක පමනක් උරුම වුනේ
පතනෙමි හිත සතුට හැමදාමත් හිමිට
එලෙසම පතමි නිරෝගි සුව හිමි ඔබට
තිබෙන සියලු දොස් දුරුවී හිමි නමට
අරබන්නට නව දිවියක්
නෑ සිතිවිලි වල සවියක්
ඔහු ආවොත් නැවත වරක්
නව දිවියම අපා දුකක්...
මා පැතු සියුමැලි සෙනෙහස
මෙතුවක් ලැබුනේ ඔහුගෙනි
ඔහු හැර මා හදුන ගත්තු
කිසිවෙක් නෑ මේ මිහිපිට
ඔහු කිවත් "එන්න ලඟට"
"තුරුලු වෙන්න එක මොහොතක්"
කොහොමද හිතහදාගන්නේ
නිල්දෙනුවන් අමතක කර..
ඒ මතකෙට සමුදෙන තුරු
නොහැකිය ඔබ ලගට එන්න..
හැකිනම් මා වටහාගෙන
ඔබෙ ජිවිතෙ හදාගන්න..
ජිවිතය අබියස මා හඩා වැටෙනා විට
උනු කදුලු පිසදා ....
මුව මතට සිනහවක් ගෙනාවේ නුඔයි....
ආදරය නමින් මා බලාහිදිනා කල...
බලපොරොත්තුවක් වී ජිවිතයට
පණ පෙව්වේ නුඔයි....
ආදරයම ආදරයම පමණක් ඉල්ලා
හදවත හඩ තලද්දී මදපවනක දැවටිලා
මා දෙසට ආදරය වී හැමුවේ ඔබයි...ඔබ පමනමයි...
මුදු පවන වී...
මල් සුවද වී...
සොදුරු සිත මගෙ පැහැර ගත්තේ නුඔයි... නුඔ පමනමයි...
තනිකම මකා නුඹේ පෙම පුදා...
මා ප්‍රේමයෙන් මුසපත් කලෙත් නුඔයි...නුඔ පමනමයි...
නුඔ තිලිණ කල සුන්දර ලෝකය
මගේ නෙත් ලග පණ අදිද්දී...
නුදුටු සේ ඇය දෙසට පිය මැන
මගේ සිහිනයන් දවාහලු කල...
මගේ සිත් ගත් දයාබර නුඔ...
අදත් ..අද සේම හෙටත් හෙටසේම ඉදිරියෙත්
නුඔව පතනා ...නුඔ පමනක්ම පතනා පුංචි
කියා දෙන්න මට මේ රුදු පාලුව
දරාගන්නේ කෝමද කියලා....
කියා දෙන්න මට දෙනෙතේ
කඳුලැල් නවතන්නේ කෙලෙසද කියලා.....
එන්න එක වරක්... ආයෙම..
යලි යන්න නොසිතෙන්න කරමි ආදරේ...
හිනැහෙන්න එක වරක්
ජිවිතයම යලි අස්වද්දමී ආදරෙන්...
ඔබත් එක්ක මා දුටු මුදු සීන වලට..
පණ පොවන්න..
එන්න ආදරෙන්....
වියලි කතර අස්වද්දා ජිවන විල මල් පුබුදා..
මාත් එක්ක දිවි ගෙවන්න..
එන්න ආදරෙන්...
එනවානම් දිනක සොයා
ඔබ නමින්ම වෙන්වෙන්නම්....
එනතුරු යලි මා සොයලා ඔබ
වෙනුවෙන් පේ වෙන්නම්....
ඔහු දිනෙක පුංචි කඩදාසියක් මා අත තැබූහ. එහි මෙසෙ සදහන්ව තිබිනි,
දේ දුනු බැමින් වසා අඩවන්..
දිලෙන පහන් තාරුකා කැට..
වලා අතරින් එලිය දෙන සද..
බැබලෙන මුතු දිමුතු මිණි කැට..
එලිය කරවා සිහින් නා පෙති..
විහඟ කිංකිණී නදින් පුරවා,
මා සවන් යුග.....
නිලංකාර වී කාන්තියෙන් දිදුලනා...
වශීවුනා මම සත්තයි,
නුඹෙ දගකාර සිනහවෙන්,
සුරඟන...
මම අද මෙසෙ සටහන් තබමි,
ඔබ මට වශි වුවාද මා ඔබට වශි වුවාද අදටත් මා නොදනිමි.දන්නා එකම දේ නම් අදටත් මේ මොහොත වෙනතුරුත් එදා මෙන්ම මම ඔබට ආදරෙයි...සත්තකින්ම ආදරෙයි.මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com35tag:blogger.com,1999:blog-6044354094083221838.post-5832000856418525352010-04-24T12:27:00.003+05:302010-04-24T19:39:23.723+05:30සිත් ගත් ගීදුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා...
යෞවනය අපට විය විරහී..
හද ගිලන් වෙලා...
ගහ කොලද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ...
පෙර දාක මිරිගු සයුරේ
ඒ රුවට රැවටුනේ
නන්නාදුනන ලෙසේ
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා....
ගැයුම- ගුණදාස කපුගේ
මේ තියෙන්නෙත් මං බොහොම අසා කරන ගීතයක්.විරහව,වේදනාව එකට කැටි කොට බොහොම අපුරුවට රචනා කර ඇති මේ ගීතයට කපුගේ මහතා කිසිදු අසාධාරනයක් නොකර ඉතාමත් ලස්සනට,ඔහුගේ හඩ මුසුකොට ඇති බවයි මගෙ හැගීමනම්.මං වඩාත් කැමති විරහා ගීතවලටයි.මට හිතෙන්නෙ තියෙන ගොඩක් ගීත අතරින් ගොඩක් වෙලාවට අර්තය වගේම,තනුවත් ලස්සන විරහ ගීතවල කියලයි.අනේ මන්දා ඒ ඉතින් මට හිතෙන හැටි නොවැ.
කපුගේ මහත්මයගේ වියොව නම් මං හිතන්නේ අපේ ලොකුම අවාසනාවක් කියලා.ඔහු හිටියනම් අද වෙද්දි මේ වගෙ අර්තවත්,මිහිරි ගීත කීයක් අලුතින් අපේ රසවින්දනයට දායාද කරලා ඇත්ද?දැන් නම් ඉතින් කපුගේ මහත්තයාගෙ ගීයක් රූප පෙට්ටියේ හරි ගුවන් විදුලියෙ හරි විකාශය වෙන්නේත් බොහොම කලාතුරකින් නොවැ.හා හා එකෙන් කමක් නෑ.මේ ගීතවලට ආදරේ කරන ඇත්තෝ තවත් ඇතෙයි කියලා මං හිතනවා.ඒ ඇත්තන්ට බැරියැ මේ ගීත ඒ ඇත්තන්ගේ ඉදිරි පරම් පරා වලටත් දෙන්න.ඕන් එහෙනම් මං ගියා....මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com27tag:blogger.com,1999:blog-6044354094083221838.post-44516948212185658552010-04-14T12:02:00.003+05:302010-04-14T12:09:02.061+05:30සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.......සියළුම යාළු යෙහෙලියන්ට සුභම සුභ නව වසරක් වේවා.....
මං මේ ඔයාලට කියන්න යන්නේ මට බස් එකෙදි මේ ලගදි දවසක දකින්න ලැබුනු සිද්දියක්.මායි මගෙ නෑනා පොඩ්ඩයි දවසක් ගියා අලුත් අවුරුද්දට ඇදුම් අරන් එන්න.ගෙදරින් ගියේනම් උදේ 10ට විතර.ගෙදර එද්දිනම් 7 විතර උනා.දන්නවනේ ඉතින් ගැණු උදවිය shopping ගියාම.පැයක් විතර තෝරලා තෝරලා එකක් අතට ගත්තත් bill එක දාන තැනට යද්දී අතේ තියෙන්නේ වෙන එකක් නේ.මාත් ඔය වගේ කෙනෙක් තමා.ඉතින් එදා දවසම ඇවිදලා ඇවිදලා ඇදුම් ටිකකුත් අරන් අවා බස් එකකට නගින්න. අම්මේ දෙයියන්ට පින්සිද්ද වෙන්න ඉදගෙනම යන්න පුලුවන් බස් එකක් හම්බුනා.ඉතින් ඔහොම ටික දුරක් යද්දි බස් එකේ සීට් පිරුනා.මතක විදිහට කොට්ටාව හරියෙදි විතර ගැහැණු මනුස්සයෙක් නැග්ගා පුංචි දරුවෙකුත් වඩාගෙන.දොරෙන් අතුල් වෙද්දිම ටිකට් කඩන මහත්තයා කිව්වා මේ බබා වඩාගෙන ඉන්න කෙනාට සිට් එකක් දෙන්න කව්රුහරි කියලා.
එතකොටම ඉස්සරහා වාඩිවෙලා හිටපු ගැණු කෙනෙක් මහ හයියෙන් බනින්න ගත්තා අර ගැණු මනුස්සයාට "මොන කරදරයක්ද මෙ,ළමයි උස්සගෙන බස්වල යන්න බැරිනම් ළමයි නොහදා ඉන්න ඔනා.මංනම් දෙන්නෑ සීට් එක"කියලා.තවත් මොනවදෝ කිය කිය අර මනුස්සයට බනිද්දී ඒ මනුස්සයා බය වෙලා බලන් ඉන්නවා මේ මොකද යකෝ මේ කියලා.බස් එකෙ හැමොමත් පුදුම වෙලා බලන් ඉන්නවා.ඇයි ඉතින් කව්රුත් සීට් එකක් නොදී නිදි වගේ හිටියත්,අහක බලන් හිටියත්,පත්තර බලබල හිටියත් හද්දෙයියනේ කව්ද ඔහොම කතාවක් කියන්නේ.බබා අතේ තියන් හිටපු ගැණු මනුස්සයා ටිකක් තරුන වයසෙ කෙනෙක් නිසා ඒ මනුස්සයා අනේ අහින්සක විදිහට මූණහදාගෙන වටපිට බැලුවා.අර කෙනාට මොකුත් කිව්වෙත් නෑ. පුදුමෙ කියන්නේ බස් එකෙ හිටපු එකෙක්වත් අර ගැණීට මොකුත් නොකියපු එකනේ.එච්චර සද්දන්ත මිනිස්සු වයසින් මෝරපු කාන්තාවන් ඉද්දී මං ඉතින් මොනා කියන්නද? එත් මට හිතුනා ඒ කෙනාගෙන් අහන්න "ඔයා ජිවිතෙ කවදාවත් ඔයාගේ දරුවෝ අරන් බස් වල එහෙම ගියෙ නැද්ද "කියලා.මං හිතන්නේ ඒ කන්තාවට අවුරුදු 45,50 ක් ඇති.ඉතින් ගොඩාක් දුරට දරුවෝ ඉන්න එපැයැ නේ.එත් එයාට දරුවො නැත්තම් හොදයි කියලත් මට හිතුනා.මොකද ඒයා අත පත ගාලා හදපු දරුවොත් ගොඩාක් වෙලවට දරන්නෙ එයාගෙම අදහස් වෙන්න ඇතිනේ...බස් එකෙ හිටපු මං ඇතුලු හැම මනුස්සයෙක් ගැනම ලොකු කලකිරිමකුත් ඇති උනා මටම.ඒ වගේ අවස්තාවකදිවත් මෙ කටින් ප්‍රයොජනයක් නැතිනම් මෙහෙම අවයවයක් මනුස්ස අපට තියෙන්නේ බඩජහරියො වගේ ගිලින්නම විතරද?
වෙන කෙනෙක් නැගිටලා අර මනුස්සයට සීට් එකක් දුන්නත් එයා ඉදගන්න ඔන්නෑ.පුතාව ටිකක් තියගන්න කියලා සීට් එක ප්‍රතික්ශේප කලා.මං දැක්කා හොදටම එ අක්කගේ මුනේ තිබුනු වෙදනවා.එත් එවලෙ හිනාවෙලා ගනන් ගන්න එපා අක්කේ කියනවට වඩා දෙයක් කරන්න තරම් හිතේ හයියක් තිබුනේ නෑ මට. ඒත් අර කාන්තවටනම් වගක්වත් නැතිව ඔලුගෙඩිය ජනෙලෙන් එලියට දාගෙන ගියා.අනේ මංදා උන්දා ඒ වරද කවදා තෙරුම් ගනිවිද කියලා.වරදටත් වඩා මනුස්සකම කියන්නෙ මොකක්ද කියන එක කවද තේරුම් ගනීවිද කියලා.සමහරවිට කවදාවත් තෙරුම් ගන්න එකක් නෑ.ඔය මනුස්සයනම් තව අවුරුදු 10කින් 15කින් මැරිලා යයි.එත් ඔය වගේම පිල්ලි ටිකක් ඉතුරු කරලාද යන්නේ කියන එකයි දුක.
බෞද්ධ රටක ජිවත් වෙන මිනිස්සු දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙකුට,දරුවෙක් වඩාගෙන බස් එකට ගොඩවෙන අම්මා කෙනෙකුට ඉදගන්න ඉඩක් දෙන්නෑ කිව්වම ඔයලාට මොනද හිතෙන්නේ....එක අතකට ඒක ඒහැටි දෙකුත් නෙවෙයි නේ....තමන් දසමාසයක් කුසේ දරා බිහිකරපු දරුවව වැසිකිලි වලවල් වලට දාන,ගින්දරට දාන,ගගේ මුහුදේ දාන අම්මලත් ජිවත් වෙන්නේ මේ බුදුන්ගේ දේශයයි කියලා හැමතැනම ගහගෙන ඉන්න මේ දේශයෙම තමයි නේ...ඇයි ඒ විතරක් ද? අවුරුදු 20,25ක් තමන්ව ජිවත් කරවන්න දහදුක් විදපු ආදරණීය අම්මලව තාත්තලව කපලා කොටලා මරලා හන්ගන්නෙත් මේ දෙශයෙම තමයි නේ.
අනේ අපේ බුදුන් වහන්සේ දන්නවනම් උන්වහන්සෙගේ දේශයයි කියලා ලේබල් ගහගෙන ඉන්න මේ රටේ මෙහෙමත් දේවල් වෙන බව..........මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com14tag:blogger.com,1999:blog-6044354094083221838.post-51986091097100796572010-04-06T21:19:00.000+05:302010-04-06T22:04:48.098+05:30සිත් ගත් ගීයක්...මේ ගීතයට මන් ගොඩාක් ආසයි.එත් මේක ඇහෙද්දි ලොකු වේදනාවක් දැනෙනවා හිතට.මට වෙලාවකට හිතෙනවා කරුණාරත්න දිවුල්ගනෙ,සෝමතිලක ජයමහ කියන ගායකයන්ගෙ හඬ හරිම දුක්බරයි කියලා.අනේ මංදා මේ මගෙ මනස්ගාතද කියලා.
නෙතට උලෙලක් විය එදා ඔබ
කදුලු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා...
ඔබෙන් තොරවු ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා...
ඔබේ සිත වෙන අතක රන්දා...
එපා දුක ගෙන එන්න කැන්දා...
ඔබේ රුව රසදුනක් වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දාරා ගන්නට
ගැයුම
කරුණාරත්න දිවුල්ගනේ....
ඇත්තටම මේ පදවල මොනතරම් ඇත්ත තේරුමක් ද තියෙන්නේ.මෙ ගීතයේ අන්තිම පද පේලි හතර දිහා බලන්න.
අපිට අපි ගොඩාක් ආදරේ කරපු කෙනෙක් නැති වුනාම හිත හදාගන්න මොනතරම් නම් අමාරුයිද?එත් අපි ගොඩාක් ආදරේ කරපු දෙයක් හරි කෙනෙක් හරි අපට ලැබෙන් නැතිව වෙන කෙනෙක්ට ලැබුනොත් අපි ඊට වඩා ගොඩාක් විදවනවා නේ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් එහෙම නෙවෙයි කියලා.එත් මං නම් හිතන්නෙ අපි ගොඩාක් දෙනෙක් එහෙමයි කියලා.ඒක අත්මාර්ථ කාමීයි තමයි.එත් ඉතින් අපි තාම රහත් වෙලා නෑනේ.ම්ං දන්නෙ නෑ මං කිව්වේ මට හිතුන දේ.(මේක ගොඩාක් විට වලංගු වෙන්නේ අදරේ කරපු කෙනා තව කෙනෙක්ට අයිති වුනාම)මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com12tag:blogger.com,1999:blog-6044354094083221838.post-85756584469116719902010-02-01T01:12:00.000+05:302010-02-01T01:45:36.950+05:30ඔන්න අද ඉදන් මාත් එකතු වෙනවා යාලුවනෙ blog ලියන්න........
මන්නම් තවම කිසිම වැඩකට නැති,අම්මා මතම යැපෙන පරපොශිත පුන්ච් පැංචියක් හොදෙ.....තවම මට සින්හලෙන් ටයිප් කරගන්නත් ටිකක් අමාරුයි......අයියා මේ blog එකේම ඉන්නවා දැකලා මටත් හිතුනා මෙකට ටිකක් ඔලුව දාලා බලන්න.ඔහොම බලාගෙන යද්දි මටත් හිතුනා blog එකක් හදා ගත්තොත් හොදයි කියලා.ඉතින් එ විදිහට තමයි මන් blog කරනයට පය තිබ්බෙ.
ඉතින් යලුවනෙ මන්නම් තවම දන්නෙ නෑ මං මොනවද මගෙ blog එකෙ ඵල කරන්න ඔනෙ කියලා.කමක්නෑ පුරුදු වෙනකම් මට හොදයි කියලා හිතෙන දේවල් දාන්නම් හොදේ.එවා ඉතින් හොදද නැද්ද කියලා ඔයාලම කියන්නකො.අනේ නැති උනත් ඉතින් හොදයි කියන්න..එහෙනම් මන් දැන් යනවා අපි හෙට හම්බවෙමු හොදේ.ගිහින් එන්නම්.........මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com7