Tuesday, June 29, 2010

සැනසුම කොයි ගියාවදෝ....

දින දින බලා උන්නෙමි මම නුබ එනකන්
දැන් ගතවී ඇත බොහො දින නුබ නෑවිත්
සිත පෑරෙයි වෙන හැමදිනටත් වැඩියෙන්
සිත සනසන සැනසුම නුබ කොහෙද ඉතිං

නුබ ඇවිදින් මගෙ මුදු සිත සනහාපන්
යලි නොගිහින් මේ සිත අසලින් හිදපන්
කිසි අයෙකුට නුබ ගෙනියන්නට නොදිමින්
රැක ගන්නම් මගේ සැනසුම වරෙන් ඉතින්

වෙන කිසිවක් නෑ අවැසි මෙමට ඉතින්
නුබ පමනයි නැත්තේ මගෙ සිත අසලින්
තිබෙන සියලු සන්තක මා නමට ඉතින්
සියල්ල ගෙන නුබ පමනක් වරෙන් ඉතින්

නුබට නොහැකිනම් මා සිත සනහන්න
සැනසුම නොමැති ජිවිතයක් එපා ඔන්න
සදාතනික සැනසුම මට හිමිවෙන්න
මරණය වෙලා වත් නුබ පිහිටට එන්න....