Saturday, May 22, 2010

දයාබර නුඔ....



ජිවිතය අබියස මා හඩා වැටෙනා විට
උනු කදුලු පිසදා ....
මුව මතට සිනහවක් ගෙනාවේ නුඔයි....
ආදරය නමින් මා බලාහිදිනා කල...
බලපොරොත්තුවක් වී ජිවිතයට
පණ පෙව්වේ නුඔයි....
ආදරයම ආදරයම පමණක් ඉල්ලා
හදවත හඩ තලද්දී මදපවනක දැවටිලා
මා දෙසට ආදරය වී හැමුවේ ඔබයි...ඔබ පමනමයි...
මුදු පවන වී...
මල් සුවද වී...
සොදුරු සිත මගෙ පැහැර ගත්තේ නුඔයි... නුඔ පමනමයි...
තනිකම මකා නුඹේ පෙම පුදා...
මා ප්‍රේමයෙන් මුසපත් කලෙත් නුඔයි...නුඔ පමනමයි...
නුඔ තිලිණ කල සුන්දර ලෝකය
මගේ නෙත් ලග පණ අදිද්දී...
නුදුටු සේ ඇය දෙසට පිය මැන
මගේ සිහිනයන් දවාහලු කල...
මගේ සිත් ගත් දයාබර නුඔ...
අදත් ..අද සේම හෙටත් හෙටසේම ඉදිරියෙත්
නුඔව පතනා ...නුඔ පමනක්ම පතනා පුංචි
සුරඟන මමයි...මම විතරමයි....

12 comments:

  1. නංගත් දැන් කවි ලියනව හිටු කියල නේ.
    ලස්සන සටහනක්. ආදරයෙ තියෙන සුන්දර බව බොක්කටම දැනෙන්න ලියල තියෙනව.
    ඔයාව කවි ලියන්න කියල ධෛර්යමත් කරපු චෙඡනා අක්කගෙ උත්සාහය සාර්ථකයි වගේ.
    තව තව ලියන්න නගේ. අපි ඉන්නවනෙ කියවල කමෙන්ට් දාන්න.

    ReplyDelete
  2. ම්ම්හ්...මගේ පලවෙනි කමෙන්ට් එක...ගොඩාක් ස්තුතියි අයියා...

    ReplyDelete
  3. අපි ඉතින් නිතරම ඉන්නෙ ඔයාලගෙන් අලුත් පොස්ට් එකක් එනකන් මග බලාගෙනනෙ.
    ඒ වෙලාවවට මම ඔන්ලයින් නම් ඉතින් මුලම කමෙන්ට් එක වරදින්නෙ නෑ.
    හික්ස්!!!
    ඒක නෙවෙයි නගේ.... කොහොමද විබාගෙ එහෙම? මගෙන් මොළෙත් ඉල්ල තිබුනෙ.

    ReplyDelete
  4. සුරගන නුඹවෙය හදවත එකලු කල..
    ජීවන මගෙහි දහසක් මල් පුබුදු කල..
    දුක්බර හදවතෙහි නව මං විවර කල..
    නව දිවියකට පියමැන යන සුපුන් සඳ..

    ReplyDelete
  5. දැන් දැන් නගාත් කවියට බර කලාබර කෙනෙක් වෙලා නෙව..
    ඔහොම යං ඔහොම යං..

    ReplyDelete
  6. මතකමංපෙත...
    අනේ අයියේ විභාගේ තමා මගෙ අභාගේ...ඔයාගේ අලුත් පොස්ට් එක දැක්කා ඒක කියවන්නයන්න තාම බැරි උනා...ඉක්මනට යන්න ඕනා...ටිකක් ලේ පිරිසිදු කරගෙන එන්න...

    මාරයියා....
    ඔයාලව අශ්‍රය කරන්න ගිහින් තමා මේ විපත්තිය උනේ...අනේ මාරයියේ ඔයාගේ කවි වලට ගහන්න නම් මේ කලාබරට කවදාවත් බෑ...අනේ...

    ReplyDelete
  7. පැතුමක සුවය ගෙන සියොලඟ සැරිසරුව
    කුසුමෙක සුවඳ දී හද මුසපත් කෙරුව
    දිවියක ගමනෙදී නිති අත්වැල සැදුව
    අරුමෙක මහත, ගිය යුරු මා අමතකව

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ආදරය, කදුළ, බලාපොරොත්තුව..
    සාර්ථක නිර්මාණයක් සිස්..

    ReplyDelete
  10. එහෙම කියන්න එපා නංගියේ..
    අපි ලියන රටාව වෙනස් උනාට, කොයි දේත් ගත යුත්තක් තියෙනවා..
    ඇත්තටම මට නම් ඔයාගේ නිර්මාණ ලස්සනයි..
    ඒත් ඔයා මොනවා නමුත් හේතුවක් නිසා නිර්මාණය වෙනස් කරනවාදෝ කියලත් මට හිතෙනවා..

    ReplyDelete
  11. විහඟ ගීතය, මින්දද, මාරයියා තුන් දෙනාටම ස්තුතියි ගොඩාක්....

    ReplyDelete