
අරබන්නට නව දිවියක්
නෑ සිතිවිලි වල සවියක්
ඔහු ආවොත් නැවත වරක්
නව දිවියම අපා දුකක්...
මා පැතු සියුමැලි සෙනෙහස
මෙතුවක් ලැබුනේ ඔහුගෙනි
ඔහු හැර මා හදුන ගත්තු
කිසිවෙක් නෑ මේ මිහිපිට
ඔහු කිවත් "එන්න ලඟට"
"තුරුලු වෙන්න එක මොහොතක්"
කොහොමද හිතහදාගන්නේ
නිල්දෙනුවන් අමතක කර..
ඒ මතකෙට සමුදෙන තුරු
නොහැකිය ඔබ ලගට එන්න..
හැකිනම් මා වටහාගෙන
ඔබෙ ජිවිතෙ හදාගන්න..
ඔබ සතුටින් ඉන්න දිනක මේ හිත වඩාත් වඩ වඩාත් සැනසෙනු ඇත.ඔහු නැති කල සැනසීම , අදරය යයි සිතා මා නැතිකරගත් සැනසීම එදින ආපසු මට හිමිවනු ඇත.නමුත් ඔබේ වෙන්නයයි අයදිනු එපා..එය මෙලොව මාහට ඇති දුෂ්කරම කාර්යයයි..ජිවිතයට ඉඩදී බලා ඉන්න. නමුත් ඔබේ ජිවිතය අතනොහැර...
නංගා දැන් ගොඩක් දියුණු වෙලානේ...ලස්සන ලස්සන කවි ඔය හිතෙන් ගලාගෙන එන්නේ.. මොකද්ද නංගා ඔයාගේ මේ දියුණුවේ රහස?
ReplyDeleteනංගා මම ඔයාගේ මේ කවියයි කලින් කවියයි දෙකම කියෙව්වා. මගේ සිතට දැනෙන විදියටනම් මේ එක සමාන එකම අදහසකින් ලියූ කවි දෙකක්.
මට ඒ කවි දෙකේ ලොකු දුකක් ගැබ් වෙලා තියනවා කියලා සිතෙනවා. මම හරිද දන්නේ නෑ. වැරදිනම් මට කියලා දෙන්න. මගෙ සිතට දැනෙන දේ කිව්වේ.
මේ කවි දෙක කියවද්දි මගේ සිතටත් දුකක් දැනුනා. මේ කවි දෙකේ දුකක් ගැබ් වෙලා තියන හින්දා වෙන්න ඇති කියලා මට සිතුනා.
නංගා දිගටම ලියන්න. කවදා හරි මේ කවි වෙනස් වේවි. සතුට පිරුණු කවිත් ඔයාගේ අතින් ලිය වෙයි ඉදිරියට. එහෙම ලියවෙන්න මම ප්‍රාර්ථනා කරනවා. එදාට ඒ කවි කියවන්නත් සිතට දැනෙන දේ එනවා නංගා.
ඔයාට සතුට පිරිණු සුන්දර අනාගතයක් වේවා!
සිතට දැනෙන දේ ...
ReplyDeleteස්තුතියි අයියා...බලමුකෝ...ඉස්සරහට මොනාවෙයිද කියලා මට හිතාගන්නවත් බෑ...
හද බැඳි ඔහුත් දිනකදි හිත පෑරූලු
ReplyDeleteවිඳ විඳ තවත් ඒ හීනෙම නෑවේලු
අඳ වුන ප්‍රේමයක බොඳ සිතුවම පාලූ
කලකදි රහලු කලකදි වහ වෙයි යාළු
ඔබෙ මතකෙට සමුදෙන තුරු
ReplyDeleteනොහැකිය වෙන අතක යන්න..
හැකිනම් මා වටහාගෙන
ඔබෙ ජිවිතෙ හදාගන්න..
අරඹද්දිම නව දිවියක්
ඔබ වැටුනොත් නැවත වරක්
නෑ සිතිවිලි වල සවියක්
මගෙ දිවියම අපා දුකක්...
මම මෙ කමෙන්ට් එක ගොඩාක් ලොකුවට ලිව්වා, පස්සෙ ඔයා අඬයි කියලා මම එක මැකුවා. නංගි දුර්වල හදවතට සමාවදෙන්න. ඔයා ඔයගෙ ජිවිතෙ ඉක්මනට හදාගන්න, මම ගැන බය වෙන්න එපා, මගෙ තාත්තා කවුද කියලා දන්නවානෙ ඔයා.
කඳුළැලි සමග උරුමව ගිය ජීවිතය..
ReplyDeleteනිමවන්නට කෙදිනක යළි හැකිවෙද..
පුරවන්නට හදෙහි නැවතත් ආදරය..
යළි එනතුරා මග බලමින් ඉඳී "මම"..
දුක් දොම්නස් සතුට සැපත උරුම කරන්
ReplyDeleteනළුවෝ අපියි ජීවිත රඟ මඩලෙ උපන්
ආ මග කෙටියි යා යුතු මග ලකුණු හොයන්
පෙරටම යමන් මේ ඔවදන හිතට අරන්
නංගියෙ නුඹට හැමදා බැහැ වැලපෙන්න
ReplyDeleteමෙතරම් දුකක් හදවත තුල තෙරපෙන්නෙ
දුක් කඳුලත් තුටු කඳුලට හැරවෙන්න
දිනයක් ඒවි නුඹටත් නගේ හිනැහෙන්න
කඳුලක් අතරින් නගන හිනාවක කාන්තිය වැඩියි... ඒ හින්දා හැම තිස්සෙම අඩන ගමන් හිනාවෙන්න උත්සහ කරන්න... ජීවිතයේ වෙනසක් ඒකට ලොකු උදව්වක් වේවී...
ReplyDeleteමේ ජීවිතේ සතුට වගේම දුකත් හැමදාම රැදෙන්නෙ නෑ. කාලය හැම දේම විසදාවි. ඉඩ දෙමු නේද කාලයට ?
ReplyDeleteමාත් ඔයාගෙම වයසෙ ඉතින් ඔයාට කියන්න තරම් දෙයක් හිතා ගන්න අමාරුයි. කාලයට ඉඩ දෙන එක තමා කරන්න පුලුවන් දේ කියලයි මටත් හිතෙන්නේ.
ReplyDeleteම්ම් අපි දෙන්නම එක වයසේ ..එක නිස මොනා කියන්නද කියල හිතගන්න බෑ,,මී වෙලව වෙනකොට මමත් ගොඩක් දුකින් ඉන්නේ..ඒත් අපි හෑමොම වහේ දුක හන්ගන් හිනවෙන්න උත්සහ කරනවා..ඒක නිස හෑම දේම කලයට බාරදීල හිනා වෙල ඉන්න..මම ගොඩක් දෙවල් කියන්නෑ නෑත්තෙ එයත් අපි අතරම කෙනෙක් නිසා..
ReplyDeleteඔයා හිතන්න එපා, මම ජිවිතය අතහැරලා ඉන්නෙ කියලා. ඔයා වෙනුවෙන් හදපු දෙවල් ඔක්කොම එක එක කාඩාගෙන වැටෙද්දි මම බොහොම මැදිහත්ව බලන් උන්නා. නංගා ඔයා දන්නවා මට මෙ ලොකෙ වටිනාම වස්තු තුනයි තිබුනෙ. එතුන වෙනුවෙන් මම අනිත් හැමදෙම කැප කරා. එකෙන් එක්ක නැති වුනා. ඉතිරි දෙක නැතිකරගන්න මම කැමති නැහැ. රුපියල් සත හින්දා, මට පුදුමයි මිනිස්සු ගැන, මිනිස්සු මෙච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. මම ඔයාට වැරැද්දක් කියන්නෙ නැහැ. ඔයා ඉක්මනට ඔය අපායෙන් මිදෙන්න. මම කියපුදෙ ඔයා එකම් එක පාරක් ඇහැව්වනම් අද අපි දෙන්නම සමාජයෙ වැදගත්ම තැන් දෙකක, මට එක ගැන දුකක් නැහැ, අදටත් ඔයා හිතුවට මම වෙදනාවෙන් ඉන්නෙ කියලා මම ගොඩාක් සතුටෙන් ඉන්නෙ.මිනිස්සු කියන දෙවල් මම ගනන් ගන්නෙ නැහැ.
ReplyDeleteඔබමයි ආවෙ....
ඔබමයි යන්නෙ .....
මම එතනම හෙමයි..
ජොතිපාල කිව්වෙ එහෙම.
උඹ හිතන් ඉන්නවා නම් මම ජිවිත කාලෙම උඹ වෙන්නුවෙන් දුක් වෙවි මැරෙයි කියලා, උඹට ගොඩාක් වැරදිල්ලා නංගා.
උඹත් ඔය නිල් ඇස් දෙක අමතක කරපන්. ඉස්සරහාට පලයන්.. උඹ යන්න පටන් ගනින් ඉස්සල්ලාම....... මම ඇතට වෙලා බලන් ඉන්නෙ උඹට තියන ආදරෙට නෙමෙ. මම කවද හරි මගෙන් බෙරෙන්න ඔනා නිසයි.
This comment has been removed by the author.
ReplyDelete