
හදවත සසල විය මිතුරි එය කියන කල
කලයුතු දෙයක් නෑ හැගුනේ එවිට මට
එකවර මතක් වූයේ ඔබේ නුවන් යුග
දෙනුවන් තේමී ගියෙ ඉවසනු නොහැකි කල
එදා බැදුනු ආදරයෙහි නෑ අඩුවක්
සදා ඔබට පෙම්බදින්න හිත හැදුවත්
නොමැත ඉඩක් ඔබේ ලොවේ තව දුරටත්
දෙන්න ලගින් ඉන්නට මට එක මොහොතක්
මගෙ ආදර මිතුරියගෙන් දු.ක ඉල්ලා
වචන දෙකක් පවසා ඔබ දිරිගන්වා
කියනට අවැසි වූ මුත් ඔබ ලග සැමදා
රැදෙන්නටයි මට ඕනා හිත නොතලා
මිතුරිය කෙලෙස හදුනන්නෙද මගේ සිත
නිතරම ඇය පවසන්නේ වෙනතක යන්න
ආදරයක් නෑ ඇය කිසි දිනක කර
ඉතින් කෝම දුක දන්නේද එහි තිබෙන
හිත පතනා කිසිවක් නෑ ඉටු වූයේ
තවදුරටත් නෑ පැතුමක් හිත වූයේ
ඔබ වෙනුවෙන් හැමදාමත් හිත හැඩුවේ
ඇයි මේ හැටි දුක පමනක් උරුම වුනේ
පතනෙමි හිත සතුට හැමදාමත් හිමිට
එලෙසම පතමි නිරෝගි සුව හිමි ඔබට
තිබෙන සියලු දොස් දුරුවී හිමි නමට
ඉක්මන් සුවය පතනෙමි හිමියනි ඔබට
කවිය amuthuyi ඒත් මට තාම සිද්ද වෙලා තියන දේ තෙරුනෙ නෑ
ReplyDeleteආහ් ... මට නම් තේරෙනවා....
ReplyDeleteඇයට ඔහු හිමි නැති මුත... කලක් ආදරෙන් බැදුන හිත් දෙකක් ලු... යෙහෙලිය ඈව්ත කීවලු ඔහු ලෙඩින් කියල.... ඉතින් දැන් මෙයාට දුකයි ලු... ළඟ ඉන්න ඕන .. ඒත් බෑලු... ඒ නිසා දුරකතන අංක ඉල්ලුවලු කොල් එකක් හරි දෙන්න.. යෙහෙලිය කිවලු අනේ බං උඹ දැන් වත් වෙනතක් බලා ගන්න කියල... යෙහෙලිය කවදාවත් ආදරේ කරල නැති නිසා මැගේ දුක ඇයට නෝතේ රේ ලු
කොහොම වුනත් ඔහුට ඉක්මන් සුවය පතනව නංගා....
පොඩි එකියේ..
ReplyDeleteඋඹ දැන් සෑහෙන්න දැනුං තේරුං තියෙන එකියෙක් වෙලා නෙව..
මම ආයෙත් උඹත් එක්ක කතා නොකරන්නයි හිතාන හිටියේ..
ඒත් ඉතින් කෙල්ල මෙ තරමට දියුණු වෙලා තියෙද්දී කටක් ඇරලා ඒ බව නොකියා හිටින්න මට පුළුවන් කමක් නෑ..
ඒකයි මෙහෙම හරි කොටලා යන්නේ..
හොඳට ලියලා තියෙනවා..
විශිෂ්ඨයි..
(ඔන්න මම ආයෙත් තරහා වෙලා ඉන්නේ..)
ම්ම්ම් ඉන්දි අය්යේ ඔය කිව්වේ වත් අක්කා බලාන උන්නා වගේ...ගොඩාක් ස්තුතියි අක්කාටත් අයියාටත්...
ReplyDeleteඅයියා මා එක්ක තරහා නෑ..මං දන්නවා අයියා වෙලාවට මාව හොයාන එයි..අයියා තරහ වෙන්න හැදුවත් මම දේවිද තරහා වෙන්න...
ReplyDeleteමාරයියේ ඇයි ඔයා එයාට ඉක්මන් සුවය නොපැතුවෙ මගෙ අයියේ
කියපු කෙනා යෙහෙලියක් නම් වෙන්න බෑ..
ReplyDeleteහුම්.. මාත් ඉක්මන් සුවය පතනවා..
මම මෙකට වෙනම උත්තරයක් ලියලා ආයෙම මැකුවා.
ReplyDeleteනැත්නම් මෙහෙම නෙමෙයි මෙක ලියඋනේ..
අනික මම පතන්න ඔන නැහැ පැතුම පතන්න ඔනම කෙනා පැතුවට පස්සේ අපි ඔන වෙන්නේ නැහැ.
ඒ පැතුම හදවතින්ම කල දෙයක් නම්..අනිත් අය ගැන බලාපොරොත්තු තියන්න ඔන නැහැ.
අහ් අර ආදරේගැන දන්නෙ නැතිකෙනාට මගේ නොම්මරේ දෙන්න බැරිද ? එතකොට එයාටත් තේරෙයිනෙ නේද? හික්ස්......... අනේ දෙවියනේ ඇයි මිනිසුන්ට මේතරම්දුක් දෙන්නේ?........... ඒකෙන් මේකෙන් කමක් නෑ ඕන් ජේ.ඩී කොලුවත් ඔයාගෙ බ්ලා බ්ලා බ්ලා එක්කෙනාට ඉක්මන් සුවය පර්තනා කොලා.. ඕන් ඈ.........
ReplyDeleteඔයාගෙ ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා....!
ReplyDeleteමාරයයි මමයි මොකද තරහ වෙලා. ( මම කිව්වෙ මේ කමෙන්ට් එක දාන මම එහෙම නෙමේ ඔන්න )
ජේ.ඩී බොරදියේ මාලු බාන්න වගේ ට්‍රයි එක. හොඳා හොඳා...
ReplyDeleteආදරෙ හරිම පුදුම දෙයක්.. නංගි... මට වෙලාවකට පුදුමත් හිතෙනවා. අද අපෙ ස්කොලෙ සෙට් එක එකතුවෙලා ගැහැනු ගැන කතා කරද්දි මට පුදුමත් හිතුනා..
ReplyDeleteජිවිතෙ හැමදාම මම කෙනෙක් වෙනුවෙන් මහන්සි වුණා, මම අනිත් මිනිස්සු නොකරන තරමෙ කැපකිරිම් කරා. අනිත් මිනිස්සු අත්වැල් පටලවගෙන ආදරෙන් වෙලිලා එකිනෙකාගෙ දුක සැප සතුට බෙදාගද්දි මම හිත තදකරන්න බලන් හිටියා " මම වෙනුවෙන් ජිවත්වෙන කෙනාට ද්‍රොහි වෙන්නෙ නැහැ " එකෙනාගෙ හැමසැප දුකක්ම බෙදාගත්තෙ මගෙ පපුව උඩ, අන්තිමට එයා මැරුනෙත් මගෙ අත්දෙක උඩ.. එයා මැරුනෙත් මම නිසා කියල මට හැමදාම මගෙම හිතන් බනිනවා. මම එක පාරක් එයා මැරෙන්න කලින් මගෙ හදවතෙ තිබුන ආදරය එයාට කියාගන්න බැරි වුන එක ගැන මම අද දුක්වෙනවා. හැමදාම ඇදෙ පෙරලි පෙරලි නින්ද හොය හොය මම මගෙ ජිවිතයත් ගෙනියන්න පුළුවන් හැම උත්සහයක්ම දරද්දී..මිනිස්සු ඇවිත් හිතට වද්දෙන ප්‍රශ්න අහද්දි, වයසක අම්මයි තාත්තයි දකිද්දි..
මෙ හැමදෙයක් එක්කම මගෙ හුස්ම වැටෙනවා.ජිවත්ව ඉන්න කෙනෙක් මැරුනා ම මොකද්ද හිතට දැනෙන්නෙ කියන දෙ හරිම පුදුම හැගීමක්..
නංගි තමුන්ගෙම කෙනෙකුට සුව කරන්න බැරි අසනීපයක් හැදුනහම හදවතට දැනෙන දෙ මට දැනෙනවා, අවාසනාවන්ත ලෙස ඔබගෙ මිතුරාත් එවැනි රොගයකට ගොඳුරු නොවෙවායි පතනවා.
හදවතින් ම පතන පැතුම් ඉටු වෙනවා සහෝදරි..
ReplyDeleteමමත් ඔයාගේ හිත ගත්ත කෙනාට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!
සෙනෙහස බැඳුන තැන නවතිනු බැරි වූව
ReplyDeleteමදහස සමඟ ඒ ලොව හා තනි වූව
සුව හස තවත් ඔහු වෙනුවෙන් හිත ලෑව
පිය බස බෙහෙතකිය ඔහු හට ලෙඩ වූව
මමත් පතන්නම් ඔහුට ඉක්මන් සුවය.....හැමදේම හොඳින් සිදුවේවි !
ReplyDeleteවත් අක්කාට මාගේ කෘතඤතාවය හිමිවේ.....(reply from wath:හපෝ ඕක මොනා කරන්නද මට..)....
ReplyDelete@ සුදු මහත්තයා : අනේ නෑ බං මම ජොලියට වගේ කිව්වේ...... සිරාවට නෙමෙයි
ReplyDeleteඔබ සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි...
ReplyDeleteඅනේ ඉතින් කොතනටත් මං යන්නේ පමා වෙලා.......
ReplyDeleteසමාවෙලා මගේ පැතුමත් එකතු කරගන්න මිතුරියේ........
මමත් ඉක්මන් සුවය පතනව එයාට.....
ලස්සනට ලියලා තියනවා..
ReplyDeleteමමත් ඉක්මන් සුවය පතනවා...
හා පැටික්කි..
ReplyDeleteකමක් නෑ සොයුරිය පමාවෙලා හරි පැතුම එක්කලානේ ඒක ලොකුම ලොකු දෙයක්
සිතට දැනෙන දේ...
ස්තුතියි අයියා ඔබේ පැතුමටත්.ඇයි මොකවත් ලියන්නෙ නැත්තේ..වැඩ නේ..
මෙහි ඇති දෙයෙහි අග මුල මට නොදැනෙන්නේ
ReplyDeleteඅග මුල නොදැන කොහොමද?????? කවි ගලපන්නේ
මොනවා උනත් ඉක්මන් සුව පතමින්නේ
යලි එන අදහසින් මම යන්නයි යන්නේ..........
ඉක්මන් සුවය පැතුවා ඕං මමත්.
ReplyDeleteකෝ?? මොකෝ දැන් පේන්න නැත්තෙ?
බ්ලොග් ලියවිල්ල එපා වෙලාවත්ද??