Monday, May 10, 2010

ඔබේ කවිය...



ඔහු දිනෙක පුංචි කඩදාසියක් මා අත තැබූහ. එහි මෙසෙ සදහන්ව තිබිනි,

දේ දුනු බැමින් වසා අඩවන්..
දිලෙන පහන් තාරුකා කැට..
වලා අතරින් එලිය දෙන සද..
බැබලෙන මුතු දිමුතු මිණි කැට..
එලිය කරවා සිහින් නා පෙති..
විහඟ කිංකිණී නදින් පුරවා,
මා සවන් යුග.....
නිලංකාර වී කාන්තියෙන් දිදුලනා...

වශීවුනා මම සත්තයි,
නුඹෙ දගකාර සිනහවෙන්,
සුරඟන...


මම අද මෙසෙ සටහන් තබමි,

ඔබ මට වශි වුවාද මා ඔබට වශි වුවාද අදටත් මා නොදනිමි.දන්නා එකම දේ නම් අදටත් මේ මොහොත වෙනතුරුත් එදා මෙන්ම මම ඔබට ආදරෙයි...සත්තකින්ම ආදරෙයි.

35 comments:

  1. "ඔබ මට වශි වුවාද මා ඔබට වශි වුවාද අදටත් මා නොදනිමි.දන්නා එකම දේ නම් අදටත් මේ මොහොත වෙනතුරුත් එදා මෙන්ම මම ඔබට ආදරෙයි...සත්තකින්ම ආදරෙයි"

    ඒ වචන ටික වදිනවා පපුව හරහාට..ම

    ReplyDelete
  2. අයියේ ගියපාර post එකෙත් ඉස්සෙල්ලම comment එක දැම්මේ ඔයා...අදත් එහෙමයි.ගොඩාක් ස්තුතියි අයියේ ඔයාට

    ReplyDelete
  3. මේ පෝස්ට් එක මගේ හදවතේ සංවේදීම කොටසට තමයි එකපාරටම වැදුනෙ.
    ඒත් මෙච්චර දුකක් හිතේ පුරවගෙන ඉන්න තරම් ඔයා තාම පොඩි වැඩියි නංගො!!!!

    ReplyDelete
  4. දන්නවා අයියේ.ඒත් මොකද කරන්නේ,ඒ දුක මගෙ හිත පුරාම පැතිරිලා ඉවරයි.දන්නවද අයියේ ඒත් මං අදටත් උත්සහ කරන්නේ ඒදේ දාරගෙන ඉන්න,හිනාවෙලා ඉන්න...අඩලා ඵලක් නෑ කියලා මට තේරුනේ මීට අවුරුදු 2කකට කලින්.
    ඒක නෙවෙයි අයියේ ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවාට

    ReplyDelete
  5. මම හැමදාම මේ පැත්තෙ ඇවිත් යන්න එනව. අලුතින් පෝස්ට් එකක් දාන්නෙ නැද්ද කියල අහන්න හදනකොටම තමයි මේ අලුත් පෝස්ට් එක දැක්කෙ.

    ReplyDelete
  6. ම්ම් එහෙමද.මං පුලුවන් උපරිමයෙන් උත්සහ කරන්නම් අයියේ ලඟ ලඟම පෝස්ට් දාන්න..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. නංගි බබා පිස්සු කෙළින්නෙ නැතිව ඉගෙන ගන්නවා.ලයිෆ් එකේ ඔය කාලෙ ආයෙ එන්නෙ නැහැ.

    ReplyDelete
  9. ඇත්තටම ඔයාගේ වචන ටික දැක්කාම ලියනවද නැද්ද කියලා දෙපාරක් හිතන්නත් උනා මට..
    ඒ තරමට සංවෙදීයි..
    ඒත් මම ලිවුවා..

    මට ඔය වචන ටිකත් එක්කම කතාවක් මතක් උනා මම ඉකිමනටම ලියන්නම්.. ඒ ගැනත්...

    ReplyDelete
  10. දැනෙන විදිහට ලියලා තියෙනවා

    ReplyDelete
  11. ආදරය යනු හැබෑවටම...
    වශීවීමක් තමා...
    .ඒ ආකර්ශණීය බව
    ඔවුන් හදවහ් තුල ‍රැදෙනා තුරා..
    නැවුම් වේ ඒ සෙනෙහස..
    දිනේන් දින විකසිත වී..

    ReplyDelete
  12. @Dinesh අයියා...
    හප්පේ හරි සතුටුයි අයියා බබා.මට නංගී බබා කියලා කතාකරන එක්කෙනෙක් ඉන්නවා(අයියා කෙනෙක් හොදේ)මෙන්න බොලේ මට තවත් අයියා බබෙක්
    ස්තුතියි ඔයාට මේ පැත්තේ ආවට


    @මාරායියා...
    අනේ අයියේ එහෙනම් ඉක්මනට ලියන්න...මං බලන් ඉන්නවා..

    @හෙලයා අයියේ...ස්තුතියි අයියේ ඔයාටත්

    @විහඟ ගීතය...හප්පා කොහොමද අපේ කවි කාරයා ආ...එන්නත් බැරිවගියා ඒ පැත්තේ.එන්නම්කො ඉක්මනට..ස්තුතියි ඔයාටත් විහඟ ගීතය...

    ReplyDelete
  13. අක්කි මේකනම් නියමයි......

    ReplyDelete
  14. ishan මල්ලිට...
    බොලේ මෙච්චර දවසක් හැමෝටම නංගී වෙච්ච මට අක්කියෙක් වෙන්න උනේ ඔයා නිසයි ඔන්න.ඇත්තටම මට සතුටුයි..
    ස්තුතියි මේ පැත්තේ ආවට මල්ලියෝ....

    ReplyDelete
  15. සිතට දැනෙන දේ ලියනවද කියලා ගොඩාක් වෙලා හිතලයි මේ ලියන්නේ...
    ඔයාගේ අන්තිම වචන ටික කියවන්න අමරුයි... ඇත්තටම සිතට දැනෙන වචන ටික... ඔයා මුළු හදවතින්ම අවංකව ආදරය කරන කෙනෙක් කියලා ඒ වචන වලින්ම තේරෙනවා.... සිතට දැනෙන දේ නම් නංගා අවංකව ආදරය කරන කෙනෙක්ට කවදාවත් වරදින්න විදියක් නෑ....ඔයා වගේ කෙනෙක්ගේ ආදරය ලබන කෙනා ගොඩාක් වසනාවන්තයි....

    ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගා!

    ReplyDelete
  16. නංගො,
    ඔයා ලස්සනට ලියල නෙ මේ කවිය..
    ඉතින් ඇයි අඬන්නෙ මට ලියන්න බෑ කියල..

    (මට හිතෙන දේ කියන්නම් තරහ වෙන්නෙපා මාත් එක්ක.
    ලියනව වගෙම තමන් ලියන දේ අගයන්න පුරුදු වෙන්න...
    මම ලියන දේවල් නම් වැඩියෙන්ම අගයන්නෙත් මම..
    මම උපරිම රසය විඳල තමයි ඔයාලට බලන්න දාන්නෙ..
    ඒ දාලත් තව ඇති තරම් මම රස විඳල තමයි ඊලඟ එක ලියන්නෙ..)

    ReplyDelete
  17. චේජනා අක්කා...
    අනේ මේ මං ලියපු කවියක් නෙවෙයි අක්කා.මං ගොඩාක් ආදරේ කරන කෙනෙක්ගෙන් ගොඩක් කාලයකට ඉහතදී හම්බවුනු එකක්.මං බලන් හිටියේ අක්කා මේ පැත්තේ එනකම්.පරක්කු වෙනකොට ඒත් මට හිතුනා අක්කා එන එකක් නැද්ද කියලා..ස්තුතියි අක්කියෝ....

    ReplyDelete
  18. සිතට දෙනෙන දේ..
    ස්තුතියි ඔයාටත් අයියා..කෝ අනේ ඔයා මොකුත් ලියලා නෑනේ.මං ගියා ඔයාව බලන්න..

    ReplyDelete
  19. දැනෙනවා දැනෙනවා... හොදටම දැනුනා..... ඔයාට හිතාගන්නවත් බැරි තරමට මගෙ ඇස් දෙකෙ.... කඳුලු බිංදු... දුකට නෙමෙ සතුටට...

    ReplyDelete
  20. අප්පා, හරිම ලස්සනයි මේක. අද තමයි මේ බ්ලොගේට ගොඩ වුණු පලවෙනි වතාව. ඒකත් අර මාරයියාට දාලා තිබ්බ කමෙන්ටුවකින් පාර හොයා ගත්තේ.
    :)

    ReplyDelete
  21. රවා අයියේ...
    ස්තුතියි මේ පැත්තේ අවාට

    Ansh අක්කා...
    ස්තුතියි ඔයාටත්

    ReplyDelete
  22. නංගට තියෙන්නෙත් අර අහල පහල කට්ටිය කණු වල හප්පන ෆ්ලෑශ් ලයිට් හිනාවක්ද?

    ReplyDelete
  23. ම්ම්ම් ඒ මොකෝ එහෙම අහන්නේ....

    ReplyDelete
  24. @ මම
    නෑ ඉතින් මේ කවියෙ තියෙන්නෙ එහෙම ඇස් නිලංකාර වෙලා ය්න කේස් එකක් ගැන නෙ. ඒකයි ෆ්ලෑශ් ලයිට් හිනාවක් කියල කිව්වෙ.
    නෙගටිව් කම්ප්ලිමෙන්ට් එකක් නෙවෙයි, පොසිටිව් කම්ප්ලිමෙන්ට් එකක්.

    ReplyDelete
  25. මාරයියගෙන් ඇඩරෙස් ඉල්ලන් අදම තමා හා පැටික්කි මේ පැත්තේ ආවේ....

    හිතට දනෙන්න ලස්සනට ලියල තියෙනව.....
    ඔයා අන්තිමට කියපු එකනම් ගොඩක්ම දැනුන...... [අක්ක කියලත් බෑ නංගි කියලත් බෑ අනේ මංද........:( :( ]

    ReplyDelete
  26. ගොඩක් ස්තූතියි හා පැටික්කියේ...අපි දෙන්නම එක වයසෙද.

    ReplyDelete
  27. මතක මංපෙත...
    අයියෝ මං දන්නවා අයියේ ඒක නෙගටිව් කම්ප්ලිමෙන්ට් ඒකක් නෙවෙයි කියලා...

    ReplyDelete
  28. අනේ මංද මං හිතන්නේ එහෙම වෙන්න ඕනි....... :D
    ඔයා 89යෙද?????

    ReplyDelete
  29. වශීවීම ආදරය නම් ? වශීය ගිලිහී ගිය කලට ආදරය?
    වශීවීම ආදරය නොව.. ආදරයට වශීවන්න෴

    ReplyDelete
  30. අහම්බෙන් වගේ දැක්කේ අදයි -මම-
    කියවා බලන්නෙමි -මම- දක්වාම ඉම
    නොදන්නා නිසා තතු ගැන ඔබගෙ පෙම
    වැඩි විස්තර මොකුත් නොලියන්නෙමි දැන්ම

    ReplyDelete
  31. වත් අක්කා...
    ස්තුතියි මේ පැත්තෙත් ඇවිත් යන්න ආවාට...

    හා පැටික්කි...
    89.02 මාසේ

    ReplyDelete
  32. SRI MANJULA අයියා...
    ස්තුතියි අයියේ ඔබට...

    ReplyDelete
  33. මං සැප්තැම්බර්...... :D :D :D :D

    ReplyDelete
  34. නංගියේ ඇයි ලියන්නේ නැත්තේ ගොඩ දවසකින්....? අපි බලාගෙන ඉන්නවා...
    මම කොමෙන්ට්ස් දැම්මේ නැතිවුනාට කියවනවා හැමදාම...
    ඉගෙනීමේ කටයුතු බහුල නම් කමක් නෑ...

    ReplyDelete
  35. ස්තුතියි අයියේ...
    මං හිතුවෙ අය්යා මං ගැන දන්නේවත් නැතුව ඇති කියලා..ඒත් මං අයියා ගැන දන්නවා...ම්ම්ම්ම් අයියා කොච්චර හොද කෙනෙක්ද කියලා දන්නවා...මං ඇත්තටම සතුටුවෙනවා අයියේ ඔයාලාවගේ අයව මෙහෙම හරි අදුන ගන්න මට පිනක් තිබුනු එක ගැන...නැවතත් ස්තූතියි ඇවිත් යන්න ආවට ...ම්ම්ම් ගොඩක් ගොඩාක් ස්තුතියි...

    ReplyDelete