Tuesday, December 14, 2010

ලගදිම දිනෙක අයේත් ඒවි නැතිවුනු සතුට නුඔ සොයාගෙන

ජිවිතය අද
දුෂ්කරයි ඔබ ලඟ
එනමුත් දනී මම
ඔබ ශක්තිමත් වඟ තවම

ගරා වැටුනු බිත්ති සේම
ගරා වැටුනු ජිවිතද...
යදින්නේ ඔබේ සරණම නේද..ඔය

සියුම් තරහක්
මතුවුනද විටකදි
මගේ ලොව නොසැලෙන
පහන් ටැඔ ඔබ

එපා කදුලැල් ගන්න නෙත් වෙත
ජීවිතය හැර දිව නොයන් කිසි විට
පරාද නොවෙයි ලෝකය හමුවේ ඔබ
ඒදා මෙන් මගෙ හිත කියයි, අදත් මට

අද මෙලෙස දුක් වුවද...
යලි දිනක් ඒයි නැවත
සැගව ගිය ඒ සතුට
අප සොයා පැමිනෙන

එතෙක්...........
බය නොවී ඉන්න ඔබ
සැහැල්ලුවෙන් දිවි ගෙවමින්
ලෝකයට කියාදෙන්න හිනාව ගැන....


............... ලගදිම දිනෙක අයේත් ඒවි , ඒ නැතිවුනු සතුට නුඔ සොයාගෙන..................

ප.ලි- ඒ සතුට ආ යුතුමයි...රැයක් ඇත්නම් ඒ රැය නිමාවන අලුයම සේම , මේ වේදනාවන් නිමා කරමින් සතුට ඔබ සොයා ආ යුතුමයි...එතකන් මේ ජිවිතය දරාගන්න..ඔව් ඔයාට ඒක පුලුවන්..මට තේරේනවා ඒක ඔයාට පුලුන් කියලා . මේ දුක් වලට නැවතුම තියන්න ඔයාටමයි පුලුවන් . ඔයා දිහා බලන් හූල්ලන ඔය ගෙදර බිත්ති වලට වගේම තවමත් පණ තියෙන ජිවිත වලට කියලා දෙන්න ලගදිම මේ ආකාරුණික වේදනාව ඉවර වෙන බව...ඔයා ඒ මූණූ වලට හිණාව අරගෙන එන බව..ඒත් එතකන් " මං ඔයා ලඟම බව කියනෙපා...."

5 comments:

  1. ලස්සනයි ...

    ඔන්න අද ඉඳන් මමත් මෙහේ යාවජීව සාමාජිකයෙක් ...

    ජයවේවා !!

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි, හැඟීම් වල රසවත් බව තමනුත් විදගෙන අනිත් අයටත් බෙදල දෙන ඔයා නම් නියමයි.

    ReplyDelete
  3. @ හිස් අහස...
    ස්තූතියි හිස් අහස. මං ඔයාගේ ආදර කතාවත් කියවනවා..හරිම ලස්සනට ඔයා ඒක ලියනවා..හැබැයි comment එකක් නම් දාන්න බැරිව ගියා මොකද මං එකම දවසක ඔක්කොම ලිපි ටික කියෙව්වේ...හරි හරි දැන් ඉති ඔයාගේ ආදරේ අලුත් විස්තර දාන්නකෝ..10 වෙනිදයින් පස්සේ මොකුත් නෑනේ කෝ..

    මිත්‍යාදෘෂ්ටිකයා..
    ඔයාටත් ස්තුතියි යාලුවා...ඔයාවනම් දැනගත්තේ අද..ඒ උනාට මං දවල් ගිහින් ලිපි ටික් ඔක්කොම කියෙව්වා..ආදර කතාවනම් ටිකක් අමුතුයි තමා..ඒ වගේම මහ ආඩම්බර කාරයෙකුත් නොවැ...අප්පේ..

    ReplyDelete
  4. "ඔබ ගියාම දුක මට දී
    දුක දරා ගන්න නොහැකී "
    වෙලා නේද ඔය දැන් . .

    ඕකනේ .. .
    ගෑනු දරුවන්ට ඉන්නකම් අගයක් නෑ
    ගියම අඬ්හ්නවා . .
    හි හි

    තරහා ගන්න එපා ඕන්

    ReplyDelete
  5. ම්ම්...මෙන්න වැඩක්...තරහාගන්නේ මොකටද..? ස්තුතියි දුකා අයියේ මේ පැත්තේ අවාට

    ReplyDelete