
ඔබේ පුංචි මුව කමල
දෙස බලන් හැම දිනෙක
මා සිතමි මගේ දුට
පින්වන්ත මවක් වෙන්න
හිත පුරා නිති නැගෙන
ආදරේ තරම මට
කියාදෙන්න මදි තවම
මා දන්න වදන් සැම
මොළකැටි දෙඅත් පා
දගකරන විලාසයට
හදවතින් ගලාඑන
සෙනෙහසේ මව් ගුණය
නුබේ නමින් පෙරලුවෙමි
සුදු දුවේ කිරි බවට
මගෙ පුංචි ලෝකයට
සතුට සැනසුම ගෙනා
මේ පුංචි සුරගනට
ආදරෙයි මම සදා ......!!
ලස්සනයි
ReplyDeleteලස්සනම ලස්සනයි,...!
ReplyDeleteමම කාලෙකින් මම දැක්කා...
ReplyDeleteතනිවම නම් නෙවෙයි..දෝණිත් එක්කම...
@ රවා ...
ReplyDeleteහ්ම්....ගොඩාක් ස්තුතියි අයියේ
ප්රාර්ථනා....
ඔයාටත් ගොඩාරියක් ස්තුතියි
මාරායියේ ....
කාලෙකින් අනේ ලිව්වේ මම .කමෙන්ට් නොකලට පුළුවන් වෙලාවට ඇවිත් ඔයාලව කියෙව්වා ...
කියෙව්වා දෙපාරක්....ලස්සන නිසා
ReplyDeleteඇත්තටම හරිම ලස්සනයි.
ReplyDelete