දින දින බලා උන්නෙමි මම නුබ එනකන්
දැන් ගතවී ඇත බොහො දින නුබ නෑවිත්
සිත පෑරෙයි වෙන හැමදිනටත් වැඩියෙන්
සිත සනසන සැනසුම නුබ කොහෙද ඉතිං
නුබ ඇවිදින් මගෙ මුදු සිත සනහාපන්
යලි නොගිහින් මේ සිත අසලින් හිදපන්
කිසි අයෙකුට නුබ ගෙනියන්නට නොදිමින්
රැක ගන්නම් මගේ සැනසුම වරෙන් ඉතින්
වෙන කිසිවක් නෑ අවැසි මෙමට ඉතින්
නුබ පමනයි නැත්තේ මගෙ සිත අසලින්
තිබෙන සියලු සන්තක මා නමට ඉතින්
සියල්ල ගෙන නුබ පමනක් වරෙන් ඉතින්
නුබට නොහැකිනම් මා සිත සනහන්න
සැනසුම නොමැති ජිවිතයක් එපා ඔන්න
සදාතනික සැනසුම මට හිමිවෙන්න
මරණය වෙලා වත් නුබ පිහිටට එන්න....
Tuesday, June 29, 2010
Friday, May 28, 2010
ඉක්මන් සුවය පතනෙමි ...

හදවත සසල විය මිතුරි එය කියන කල
කලයුතු දෙයක් නෑ හැගුනේ එවිට මට
එකවර මතක් වූයේ ඔබේ නුවන් යුග
දෙනුවන් තේමී ගියෙ ඉවසනු නොහැකි කල
එදා බැදුනු ආදරයෙහි නෑ අඩුවක්
සදා ඔබට පෙම්බදින්න හිත හැදුවත්
නොමැත ඉඩක් ඔබේ ලොවේ තව දුරටත්
දෙන්න ලගින් ඉන්නට මට එක මොහොතක්
මගෙ ආදර මිතුරියගෙන් දු.ක ඉල්ලා
වචන දෙකක් පවසා ඔබ දිරිගන්වා
කියනට අවැසි වූ මුත් ඔබ ලග සැමදා
රැදෙන්නටයි මට ඕනා හිත නොතලා
මිතුරිය කෙලෙස හදුනන්නෙද මගේ සිත
නිතරම ඇය පවසන්නේ වෙනතක යන්න
ආදරයක් නෑ ඇය කිසි දිනක කර
ඉතින් කෝම දුක දන්නේද එහි තිබෙන
හිත පතනා කිසිවක් නෑ ඉටු වූයේ
තවදුරටත් නෑ පැතුමක් හිත වූයේ
ඔබ වෙනුවෙන් හැමදාමත් හිත හැඩුවේ
ඇයි මේ හැටි දුක පමනක් උරුම වුනේ
පතනෙමි හිත සතුට හැමදාමත් හිමිට
එලෙසම පතමි නිරෝගි සුව හිමි ඔබට
තිබෙන සියලු දොස් දුරුවී හිමි නමට
ඉක්මන් සුවය පතනෙමි හිමියනි ඔබට
Saturday, May 22, 2010
නව දිවියක් අරඔනු කෙලෙසද...

අරබන්නට නව දිවියක්
නෑ සිතිවිලි වල සවියක්
ඔහු ආවොත් නැවත වරක්
නව දිවියම අපා දුකක්...
මා පැතු සියුමැලි සෙනෙහස
මෙතුවක් ලැබුනේ ඔහුගෙනි
ඔහු හැර මා හදුන ගත්තු
කිසිවෙක් නෑ මේ මිහිපිට
ඔහු කිවත් "එන්න ලඟට"
"තුරුලු වෙන්න එක මොහොතක්"
කොහොමද හිතහදාගන්නේ
නිල්දෙනුවන් අමතක කර..
ඒ මතකෙට සමුදෙන තුරු
නොහැකිය ඔබ ලගට එන්න..
හැකිනම් මා වටහාගෙන
ඔබෙ ජිවිතෙ හදාගන්න..
ඔබ සතුටින් ඉන්න දිනක මේ හිත වඩාත් වඩ වඩාත් සැනසෙනු ඇත.ඔහු නැති කල සැනසීම , අදරය යයි සිතා මා නැතිකරගත් සැනසීම එදින ආපසු මට හිමිවනු ඇත.නමුත් ඔබේ වෙන්නයයි අයදිනු එපා..එය මෙලොව මාහට ඇති දුෂ්කරම කාර්යයයි..ජිවිතයට ඉඩදී බලා ඉන්න. නමුත් ඔබේ ජිවිතය අතනොහැර...
දයාබර නුඔ....

ජිවිතය අබියස මා හඩා වැටෙනා විට
උනු කදුලු පිසදා ....
මුව මතට සිනහවක් ගෙනාවේ නුඔයි....
ආදරය නමින් මා බලාහිදිනා කල...
බලපොරොත්තුවක් වී ජිවිතයට
පණ පෙව්වේ නුඔයි....
ආදරයම ආදරයම පමණක් ඉල්ලා
හදවත හඩ තලද්දී මදපවනක දැවටිලා
මා දෙසට ආදරය වී හැමුවේ ඔබයි...ඔබ පමනමයි...
මුදු පවන වී...
මල් සුවද වී...
සොදුරු සිත මගෙ පැහැර ගත්තේ නුඔයි... නුඔ පමනමයි...
තනිකම මකා නුඹේ පෙම පුදා...
මා ප්‍රේමයෙන් මුසපත් කලෙත් නුඔයි...නුඔ පමනමයි...
නුඔ තිලිණ කල සුන්දර ලෝකය
මගේ නෙත් ලග පණ අදිද්දී...
නුදුටු සේ ඇය දෙසට පිය මැන
මගේ සිහිනයන් දවාහලු කල...
මගේ සිත් ගත් දයාබර නුඔ...
අදත් ..අද සේම හෙටත් හෙටසේම ඉදිරියෙත්
නුඔව පතනා ...නුඔ පමනක්ම පතනා පුංචි
සුරඟන මමයි...මම විතරමයි....
Friday, May 21, 2010
ඔබ වෙනුවෙන් පේ වෙන්නද...

කියා දෙන්න මට මේ රුදු පාලුව
දරාගන්නේ කෝමද කියලා....
කියා දෙන්න මට දෙනෙතේ
කඳුලැල් නවතන්නේ කෙලෙසද කියලා.....
එන්න එක වරක්... ආයෙම..
යලි යන්න නොසිතෙන්න කරමි ආදරේ...
හිනැහෙන්න එක වරක්
ජිවිතයම යලි අස්වද්දමී ආදරෙන්...
ඔබත් එක්ක මා දුටු මුදු සීන වලට..
පණ පොවන්න..
එන්න ආදරෙන්....
වියලි කතර අස්වද්දා ජිවන විල මල් පුබුදා..
මාත් එක්ක දිවි ගෙවන්න..
එන්න ආදරෙන්...
එනවානම් දිනක සොයා
ඔබ නමින්ම වෙන්වෙන්නම්....
එනතුරු යලි මා සොයලා ඔබ
වෙනුවෙන් පේ වෙන්නම්....
මැවූ හැම සීනයක්ම බොදවූ කල , ජිවිතයම මුලාවක් බව වැටහුනු කල යලිත් ජීවිතය සොයන්නට වෙහෙසෙන්නද මං...
Monday, May 10, 2010
ඔබේ කවිය...

ඔහු දිනෙක පුංචි කඩදාසියක් මා අත තැබූහ. එහි මෙසෙ සදහන්ව තිබිනි,
දේ දුනු බැමින් වසා අඩවන්..
දිලෙන පහන් තාරුකා කැට..
වලා අතරින් එලිය දෙන සද..
බැබලෙන මුතු දිමුතු මිණි කැට..
එලිය කරවා සිහින් නා පෙති..
විහඟ කිංකිණී නදින් පුරවා,
මා සවන් යුග.....
නිලංකාර වී කාන්තියෙන් දිදුලනා...
වශීවුනා මම සත්තයි,
නුඹෙ දගකාර සිනහවෙන්,
සුරඟන...
මම අද මෙසෙ සටහන් තබමි,
ඔබ මට වශි වුවාද මා ඔබට වශි වුවාද අදටත් මා නොදනිමි.දන්නා එකම දේ නම් අදටත් මේ මොහොත වෙනතුරුත් එදා මෙන්ම මම ඔබට ආදරෙයි...සත්තකින්ම ආදරෙයි.
Saturday, April 24, 2010
සිත් ගත් ගී
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා...
යෞවනය අපට විය විරහී..
හද ගිලන් වෙලා...
ගහ කොලද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ...
පෙර දාක මිරිගු සයුරේ
ඒ රුවට රැවටුනේ
නන්නාදුනන ලෙසේ
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා....
ගැයුම- ගුණදාස කපුගේ
මේ තියෙන්නෙත් මං බොහොම අසා කරන ගීතයක්.විරහව,වේදනාව එකට කැටි කොට බොහොම අපුරුවට රචනා කර ඇති මේ ගීතයට කපුගේ මහතා කිසිදු අසාධාරනයක් නොකර ඉතාමත් ලස්සනට,ඔහුගේ හඩ මුසුකොට ඇති බවයි මගෙ හැගීමනම්.මං වඩාත් කැමති විරහා ගීතවලටයි.මට හිතෙන්නෙ තියෙන ගොඩක් ගීත අතරින් ගොඩක් වෙලාවට අර්තය වගේම,තනුවත් ලස්සන විරහ ගීතවල කියලයි.අනේ මන්දා ඒ ඉතින් මට හිතෙන හැටි නොවැ.
කපුගේ මහත්මයගේ වියොව නම් මං හිතන්නේ අපේ ලොකුම අවාසනාවක් කියලා.ඔහු හිටියනම් අද වෙද්දි මේ වගෙ අර්තවත්,මිහිරි ගීත කීයක් අලුතින් අපේ රසවින්දනයට දායාද කරලා ඇත්ද?දැන් නම් ඉතින් කපුගේ මහත්තයාගෙ ගීයක් රූප පෙට්ටියේ හරි ගුවන් විදුලියෙ හරි විකාශය වෙන්නේත් බොහොම කලාතුරකින් නොවැ.හා හා එකෙන් කමක් නෑ.මේ ගීතවලට ආදරේ කරන ඇත්තෝ තවත් ඇතෙයි කියලා මං හිතනවා.ඒ ඇත්තන්ට බැරියැ මේ ගීත ඒ ඇත්තන්ගේ ඉදිරි පරම් පරා වලටත් දෙන්න.ඕන් එහෙනම් මං ගියා....
හිත පතුලටම වෙලා...
යෞවනය අපට විය විරහී..
හද ගිලන් වෙලා...
ගහ කොලද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ...
පෙර දාක මිරිගු සයුරේ
ඒ රුවට රැවටුනේ
නන්නාදුනන ලෙසේ
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා....
ගැයුම- ගුණදාස කපුගේ
මේ තියෙන්නෙත් මං බොහොම අසා කරන ගීතයක්.විරහව,වේදනාව එකට කැටි කොට බොහොම අපුරුවට රචනා කර ඇති මේ ගීතයට කපුගේ මහතා කිසිදු අසාධාරනයක් නොකර ඉතාමත් ලස්සනට,ඔහුගේ හඩ මුසුකොට ඇති බවයි මගෙ හැගීමනම්.මං වඩාත් කැමති විරහා ගීතවලටයි.මට හිතෙන්නෙ තියෙන ගොඩක් ගීත අතරින් ගොඩක් වෙලාවට අර්තය වගේම,තනුවත් ලස්සන විරහ ගීතවල කියලයි.අනේ මන්දා ඒ ඉතින් මට හිතෙන හැටි නොවැ.
කපුගේ මහත්මයගේ වියොව නම් මං හිතන්නේ අපේ ලොකුම අවාසනාවක් කියලා.ඔහු හිටියනම් අද වෙද්දි මේ වගෙ අර්තවත්,මිහිරි ගීත කීයක් අලුතින් අපේ රසවින්දනයට දායාද කරලා ඇත්ද?දැන් නම් ඉතින් කපුගේ මහත්තයාගෙ ගීයක් රූප පෙට්ටියේ හරි ගුවන් විදුලියෙ හරි විකාශය වෙන්නේත් බොහොම කලාතුරකින් නොවැ.හා හා එකෙන් කමක් නෑ.මේ ගීතවලට ආදරේ කරන ඇත්තෝ තවත් ඇතෙයි කියලා මං හිතනවා.ඒ ඇත්තන්ට බැරියැ මේ ගීත ඒ ඇත්තන්ගේ ඉදිරි පරම් පරා වලටත් දෙන්න.ඕන් එහෙනම් මං ගියා....
Wednesday, April 14, 2010
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.......
සියළුම යාළු යෙහෙලියන්ට සුභම සුභ නව වසරක් වේවා.....
එකසිය විස්සට දෙසිය විස්සක් ආවාඩා අයුබෝ වේවා...
එකසිය විස්සට දෙසිය විස්සක් ආවාඩා අයුබෝ වේවා...
Thursday, April 8, 2010
බස් එකේදී....
මං මේ ඔයාලට කියන්න යන්නේ මට බස් එකෙදි මේ ලගදි දවසක දකින්න ලැබුනු සිද්දියක්.මායි මගෙ නෑනා පොඩ්ඩයි දවසක් ගියා අලුත් අවුරුද්දට ඇදුම් අරන් එන්න.ගෙදරින් ගියේනම් උදේ 10ට විතර.ගෙදර එද්දිනම් 7 විතර උනා.දන්නවනේ ඉතින් ගැණු උදවිය shopping ගියාම.පැයක් විතර තෝරලා තෝරලා එකක් අතට ගත්තත් bill එක දාන තැනට යද්දී අතේ තියෙන්නේ වෙන එකක් නේ.මාත් ඔය වගේ කෙනෙක් තමා.ඉතින් එදා දවසම ඇවිදලා ඇවිදලා ඇදුම් ටිකකුත් අරන් අවා බස් එකකට නගින්න. අම්මේ දෙයියන්ට පින්සිද්ද වෙන්න ඉදගෙනම යන්න පුලුවන් බස් එකක් හම්බුනා.ඉතින් ඔහොම ටික දුරක් යද්දි බස් එකේ සීට් පිරුනා.මතක විදිහට කොට්ටාව හරියෙදි විතර ගැහැණු මනුස්සයෙක් නැග්ගා පුංචි දරුවෙකුත් වඩාගෙන.දොරෙන් අතුල් වෙද්දිම ටිකට් කඩන මහත්තයා කිව්වා මේ බබා වඩාගෙන ඉන්න කෙනාට සිට් එකක් දෙන්න කව්රුහරි කියලා.
එතකොටම ඉස්සරහා වාඩිවෙලා හිටපු ගැණු කෙනෙක් මහ හයියෙන් බනින්න ගත්තා අර ගැණු මනුස්සයාට "මොන කරදරයක්ද මෙ,ළමයි උස්සගෙන බස්වල යන්න බැරිනම් ළමයි නොහදා ඉන්න ඔනා.මංනම් දෙන්නෑ සීට් එක"කියලා.තවත් මොනවදෝ කිය කිය අර මනුස්සයට බනිද්දී ඒ මනුස්සයා බය වෙලා බලන් ඉන්නවා මේ මොකද යකෝ මේ කියලා.බස් එකෙ හැමොමත් පුදුම වෙලා බලන් ඉන්නවා.ඇයි ඉතින් කව්රුත් සීට් එකක් නොදී නිදි වගේ හිටියත්,අහක බලන් හිටියත්,පත්තර බලබල හිටියත් හද්දෙයියනේ කව්ද ඔහොම කතාවක් කියන්නේ.බබා අතේ තියන් හිටපු ගැණු මනුස්සයා ටිකක් තරුන වයසෙ කෙනෙක් නිසා ඒ මනුස්සයා අනේ අහින්සක විදිහට මූණහදාගෙන වටපිට බැලුවා.අර කෙනාට මොකුත් කිව්වෙත් නෑ. පුදුමෙ කියන්නේ බස් එකෙ හිටපු එකෙක්වත් අර ගැණීට මොකුත් නොකියපු එකනේ.එච්චර සද්දන්ත මිනිස්සු වයසින් මෝරපු කාන්තාවන් ඉද්දී මං ඉතින් මොනා කියන්නද? එත් මට හිතුනා ඒ කෙනාගෙන් අහන්න "ඔයා ජිවිතෙ කවදාවත් ඔයාගේ දරුවෝ අරන් බස් වල එහෙම ගියෙ නැද්ද "කියලා.මං හිතන්නේ ඒ කන්තාවට අවුරුදු 45,50 ක් ඇති.ඉතින් ගොඩාක් දුරට දරුවෝ ඉන්න එපැයැ නේ.එත් එයාට දරුවො නැත්තම් හොදයි කියලත් මට හිතුනා.මොකද ඒයා අත පත ගාලා හදපු දරුවොත් ගොඩාක් වෙලවට දරන්නෙ එයාගෙම අදහස් වෙන්න ඇතිනේ...බස් එකෙ හිටපු මං ඇතුලු හැම මනුස්සයෙක් ගැනම ලොකු කලකිරිමකුත් ඇති උනා මටම.ඒ වගේ අවස්තාවකදිවත් මෙ කටින් ප්‍රයොජනයක් නැතිනම් මෙහෙම අවයවයක් මනුස්ස අපට තියෙන්නේ බඩජහරියො වගේ ගිලින්නම විතරද?
වෙන කෙනෙක් නැගිටලා අර මනුස්සයට සීට් එකක් දුන්නත් එයා ඉදගන්න ඔන්නෑ.පුතාව ටිකක් තියගන්න කියලා සීට් එක ප්‍රතික්ශේප කලා.මං දැක්කා හොදටම එ අක්කගේ මුනේ තිබුනු වෙදනවා.එත් එවලෙ හිනාවෙලා ගනන් ගන්න එපා අක්කේ කියනවට වඩා දෙයක් කරන්න තරම් හිතේ හයියක් තිබුනේ නෑ මට. ඒත් අර කාන්තවටනම් වගක්වත් නැතිව ඔලුගෙඩිය ජනෙලෙන් එලියට දාගෙන ගියා.අනේ මංදා උන්දා ඒ වරද කවදා තෙරුම් ගනිවිද කියලා.වරදටත් වඩා මනුස්සකම කියන්නෙ මොකක්ද කියන එක කවද තේරුම් ගනීවිද කියලා.සමහරවිට කවදාවත් තෙරුම් ගන්න එකක් නෑ.ඔය මනුස්සයනම් තව අවුරුදු 10කින් 15කින් මැරිලා යයි.එත් ඔය වගේම පිල්ලි ටිකක් ඉතුරු කරලාද යන්නේ කියන එකයි දුක.
බෞද්ධ රටක ජිවත් වෙන මිනිස්සු දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙකුට,දරුවෙක් වඩාගෙන බස් එකට ගොඩවෙන අම්මා කෙනෙකුට ඉදගන්න ඉඩක් දෙන්නෑ කිව්වම ඔයලාට මොනද හිතෙන්නේ....එක අතකට ඒක ඒහැටි දෙකුත් නෙවෙයි නේ....තමන් දසමාසයක් කුසේ දරා බිහිකරපු දරුවව වැසිකිලි වලවල් වලට දාන,ගින්දරට දාන,ගගේ මුහුදේ දාන අම්මලත් ජිවත් වෙන්නේ මේ බුදුන්ගේ දේශයයි කියලා හැමතැනම ගහගෙන ඉන්න මේ දේශයෙම තමයි නේ...ඇයි ඒ විතරක් ද? අවුරුදු 20,25ක් තමන්ව ජිවත් කරවන්න දහදුක් විදපු ආදරණීය අම්මලව තාත්තලව කපලා කොටලා මරලා හන්ගන්නෙත් මේ දෙශයෙම තමයි නේ.
අනේ අපේ බුදුන් වහන්සේ දන්නවනම් උන්වහන්සෙගේ දේශයයි කියලා ලේබල් ගහගෙන ඉන්න මේ රටේ මෙහෙමත් දේවල් වෙන බව..........
Tuesday, April 6, 2010
සිත් ගත් ගීයක්...
මේ ගීතයට මන් ගොඩාක් ආසයි.එත් මේක ඇහෙද්දි ලොකු වේදනාවක් දැනෙනවා හිතට.මට වෙලාවකට හිතෙනවා කරුණාරත්න දිවුල්ගනෙ,සෝමතිලක ජයමහ කියන ගායකයන්ගෙ හඬ හරිම දුක්බරයි කියලා.අනේ මංදා මේ මගෙ මනස්ගාතද කියලා.
නෙතට උලෙලක් විය එදා ඔබ
කදුලු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා...
ඔබෙන් තොරවු ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා...
ඔබේ සිත වෙන අතක රන්දා...
එපා දුක ගෙන එන්න කැන්දා...
ඔබේ රුව රසදුනක් වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දාරා ගන්නට
ගැයුම
කරුණාරත්න දිවුල්ගනේ....
ඇත්තටම මේ පදවල මොනතරම් ඇත්ත තේරුමක් ද තියෙන්නේ.මෙ ගීතයේ අන්තිම පද පේලි හතර දිහා බලන්න.
අපිට අපි ගොඩාක් ආදරේ කරපු කෙනෙක් නැති වුනාම හිත හදාගන්න මොනතරම් නම් අමාරුයිද?එත් අපි ගොඩාක් ආදරේ කරපු දෙයක් හරි කෙනෙක් හරි අපට ලැබෙන් නැතිව වෙන කෙනෙක්ට ලැබුනොත් අපි ඊට වඩා ගොඩාක් විදවනවා නේ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් එහෙම නෙවෙයි කියලා.එත් මං නම් හිතන්නෙ අපි ගොඩාක් දෙනෙක් එහෙමයි කියලා.ඒක අත්මාර්ථ කාමීයි තමයි.එත් ඉතින් අපි තාම රහත් වෙලා නෑනේ.ම්ං දන්නෙ නෑ මං කිව්වේ මට හිතුන දේ.(මේක ගොඩාක් විට වලංගු වෙන්නේ අදරේ කරපු කෙනා තව කෙනෙක්ට අයිති වුනාම)
නෙතට උලෙලක් විය එදා ඔබ
කදුලු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා...
ඔබෙන් තොරවු ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා...
ඔබේ සිත වෙන අතක රන්දා...
එපා දුක ගෙන එන්න කැන්දා...
ඔබේ රුව රසදුනක් වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දාරා ගන්නට
ගැයුම
කරුණාරත්න දිවුල්ගනේ....
ඇත්තටම මේ පදවල මොනතරම් ඇත්ත තේරුමක් ද තියෙන්නේ.මෙ ගීතයේ අන්තිම පද පේලි හතර දිහා බලන්න.
අපිට අපි ගොඩාක් ආදරේ කරපු කෙනෙක් නැති වුනාම හිත හදාගන්න මොනතරම් නම් අමාරුයිද?එත් අපි ගොඩාක් ආදරේ කරපු දෙයක් හරි කෙනෙක් හරි අපට ලැබෙන් නැතිව වෙන කෙනෙක්ට ලැබුනොත් අපි ඊට වඩා ගොඩාක් විදවනවා නේ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් එහෙම නෙවෙයි කියලා.එත් මං නම් හිතන්නෙ අපි ගොඩාක් දෙනෙක් එහෙමයි කියලා.ඒක අත්මාර්ථ කාමීයි තමයි.එත් ඉතින් අපි තාම රහත් වෙලා නෑනේ.ම්ං දන්නෙ නෑ මං කිව්වේ මට හිතුන දේ.(මේක ගොඩාක් විට වලංගු වෙන්නේ අදරේ කරපු කෙනා තව කෙනෙක්ට අයිති වුනාම)
Subscribe to:
Posts (Atom)