වියැකුනු සෙනෙහස
පැතුම් පොදිගනන් බැදගෙන
හීන කන්දක් හිස දරාගෙන
රන්හුයෙන් සුලැගිලි ද බැදගෙන
ආව දා මං ඔබේ සෙවනට
ඔබට අමතක වීද අද දින
සිගිති සුරතල් දියණියක මම
ඔබේ දෑතට තිලිණ කල දින
මගේ නළලත තෑබූ සෙනෙහස
වියැකිලා අද.... ඔබට දැනුනද
පුංචි දියණිය ඔබේ ලග හිද
කියන සුරතල් වදන් ගැන ඔබ
ආදරෙන් මා සමග මිමිණු
යුගය නැවතත් ඒද අප වෙත