දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා...
යෞවනය අපට විය විරහී..
හද ගිලන් වෙලා...
ගහ කොලද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ...
පෙර දාක මිරිගු සයුරේ
ඒ රුවට රැවටුනේ
නන්නාදුනන ලෙසේ
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා....
ගැයුම- ගුණදාස කපුගේ
මේ තියෙන්නෙත් මං බොහොම අසා කරන ගීතයක්.විරහව,වේදනාව එකට කැටි කොට බොහොම අපුරුවට රචනා කර ඇති මේ ගීතයට කපුගේ මහතා කිසිදු අසාධාරනයක් නොකර ඉතාමත් ලස්සනට,ඔහුගේ හඩ මුසුකොට ඇති බවයි මගෙ හැගීමනම්.මං වඩාත් කැමති විරහා ගීතවලටයි.මට හිතෙන්නෙ තියෙන ගොඩක් ගීත අතරින් ගොඩක් වෙලාවට අර්තය වගේම,තනුවත් ලස්සන විරහ ගීතවල කියලයි.අනේ මන්දා ඒ ඉතින් මට හිතෙන හැටි නොවැ.
කපුගේ මහත්මයගේ වියොව නම් මං හිතන්නේ අපේ ලොකුම අවාසනාවක් කියලා.ඔහු හිටියනම් අද වෙද්දි මේ වගෙ අර්තවත්,මිහිරි ගීත කීයක් අලුතින් අපේ රසවින්දනයට දායාද කරලා ඇත්ද?දැන් නම් ඉතින් කපුගේ මහත්තයාගෙ ගීයක් රූප පෙට්ටියේ හරි ගුවන් විදුලියෙ හරි විකාශය වෙන්නේත් බොහොම කලාතුරකින් නොවැ.හා හා එකෙන් කමක් නෑ.මේ ගීතවලට ආදරේ කරන ඇත්තෝ තවත් ඇතෙයි කියලා මං හිතනවා.ඒ ඇත්තන්ට බැරියැ මේ ගීත ඒ ඇත්තන්ගේ ඉදිරි පරම් පරා වලටත් දෙන්න.ඕන් එහෙනම් මං ගියා....
කපුගේ නම් වූ විශ්මිත ගායකයානන්ගේ ගීත අතරින් වැඩියම කැමති ගීතය මොන එකද කියලා කවදාවත් මට තෝරන්න නම් බැහැ.
ReplyDeleteමෙ ගීයත් එයින් එකක්..
මං මුලා වී පාර සොයාගෙන..
උන්මාද සිතුවම්.. යන ගීත දෙකත් ඒ හා සමානව මගේ සිතේ රැදී තිඛෙනවා..
ඔබ සිතනා අන්දමත්..
රුචිකත්වයත් අපූරුයි..
හැබැයි ලියන ප්‍රමාණය නම් මදි...
අළුත් ලිපියක් එන්නේ කල්පයකට එකක් වගේ නෙව..
නංගි ලස්සන සින්දුවක් විරහවට අදරෙ කරාට කමක් නැහැ.. මාරයියා කිව්වා වගෙ ලියන්න නිතරම... වැඩ නම් කමක් නැහැ වැඩ පාඩු කරන් හරි කමක් නැහැ ලියන්න..
ReplyDeleteමාරයා අයියේ ඔයාලාටනම් එක එක දවසට ලියන්න මොනවම හරි තියෙනවා.පුදුමෙ කියන්නේ අයියේ මට එහෙම නෑනේ..ඉතින් මං මොනද ලියන්නේ.අතීතය ගැනනම් ලියතැහැකි.එත් ඒ දේවල් අයේ අයේත් මතක් කරලා මගෙ හිත පාරගන්න මං කැමති නෑ අයියේ...
ReplyDeleteමගේ බ්ලොග් එකට ගොඩවෙලා යන්න ආපු ඔයාටයි,රවා අයියටයි ගොඩක් ස්තුතියි.
කපුගේ කියන්නේ ආයේ කවදාවත් පුරවන්න හැකි වෙන්නේ නැති හිස්තැනක් සිංහල ගීත ඉතිහාසයේ.
ReplyDelete" මේ ගීතයට කපුගේ මහතා කිසිදු අසාධාරනයක් නොකර " මට නම් කියන්න හිතෙන්නේ කපුගේ මහතාගේ ආකර්ශනීය ගායන ප්‍රතිභාවට කිසිදු අසාධාරනයක් නොකරපු පද මාලාවක් කියලා..
කපුගේ කවදාවත් ආපහු එන්නේ නැතිවුනත් තැලෙන පෑගෙන මිනිසුන් ගේ කටුක ජීවිතවල සෙවනැල්ලත් , විරහවෙන් පෑරී විඳවන යොවුන් ප්‍රේමයත් සදාතනික කරමින් ඔහු හැමදාම අපේ ජීවිතවල ජීවත් වෙනවා..
දිගටම ලියන්න..
-ජය
මමත් බොහොම ප්‍රිය කරනවා ඒ හඬට. සංවේදී ගැඹුරැ හඬක්..
ReplyDeleteනංගෝ...!! February 15 දාපු "මගේ කතාව" කියන පෝස්ට් එකේ ඊලඟ කොටස එනකං අවුරු නැතත් මම බලාගෙන ඉන්නව.ඒ නිසා මතක ඇතුව දාන්න.
ReplyDeleteඅනේ අයියේ සතුටු හිතුනා ඔයා ඒක කියවන්න බලන් ඉන්නවා කියලා කිව්වාම.මං ඒක ලියන එක නැවැත්තුවේ මට ඒ දේවල් අමතක කරන්න ඕනා නිසා.නැවත නැවත මතක් කරලා සතුටු වෙන්න පුලුවන් අතීතයක් නෙවෙයි ඒ...මට සමාවෙන්න
ReplyDeleteඔයාට ගොඩාක් ස්තුතියි මාව කියවන්නත් අවාට
හෙළයා අයියාට....
ReplyDeleteඔයාටත් ගොඩාක් ස්තුතියි අයියෙ මේ පැත්තෙ අවාට
අනේ සමාවෙන්න නංගෝ කලිං කරපු ඉල්ලීමට. ඕං ඒ ඉල්ලීම ඉල්ලා අස්කරගත්ත!!
ReplyDeleteමතක් කර කර සතුටු වෙන්න පුලුවන් දෙයක් ගැන ලියන්නකො එහෙනම්.
අපි බලාගෙන ඉන්නව!!!!!
දැන් ඔයා මොකටද අයියේ සමාව ඉල්ලන්නේ.සමාවත් ඉල්ලලා අස් කරගන්න.
ReplyDeleteමාරම ඩැඩේ කියන්නේ අයියේ ඔයාලට වගේ ලියන්න දේවල් මට නෑ නේ.භාගයක් ලියන් යද්දී හිතෙනවා අයියෝ මේක වැඩක් නෑ කියලා.
යොගී අයියේ...
අනේ ඔයාටත් ගොඩක් ස්තුතියි අයියේ...
නංගෝ!! එහනම් සමාවත් ඉල්ලා අස් කරගන්නව ඕං.හික්ස්!!!!!
ReplyDeleteජීවිතේ ගැන ලියන්වනම් කොච්චත දේවල් තියෙනවද ලියන්න. ඒව වැඩක් ඇති දේවල්ද වැඩක් නැති දේවල්ද කියල තීරණය කරන්නෙ මේක කියවන අපිනෙ.
හැමෝගෙම ජීවිතේ කියන්නෙ දුක සතුට දෙකම එකට අඹරල ගෙතිච්ච කතාවක්. වෙනස් වෙන්නෙ ඒ දුක සහ සතුට මිශ්‍ර වෙලා තියෙන අනුපාතය විතරයි.
මම මහා ලොකු උගතෙක් නොවුනත් ඔයාගෙ ලිවීමෙ රටාව ලස්ස්නයි කියල හිතුන.
අතීතයෙ ජීවත් වෙන්න එපා.මොකද අනාගතය තීරණය කරන්නෙ වර්තමානය විසින් නිසා. ඒත් අතීතය අමතක කරන්නත් එපා.මොකද වරිතමානය හදල තියෙන්නෙ ඒ අතීතය විසින්.
මේ පඬියගෙ කතා සීරියස් ගන්න එපා. දිගටමම ලියන්න. අපි කියවන්නම්.
හිතට දැනෙන ලස්සන සින්දුවක්...
ReplyDeleteඔයාටත් ගොඩක් ස්තුතියි 'සුළඟ'
ReplyDeleteඅතීතය සිහිනයාක් පමණයි සැබැ සුවඳක් නැහැ..
ReplyDeleteඑදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියොවක් නැහැ..
මට හිතෙන විදියට නංගි ඔයා අමතක කරන්න උත්සහා කරන දෙ කවදාවත් අමතක කරන්න බැරි දෙයක්.. හැමදාම ඔයාට මෙ වෙදනාව තියන් ඉන්න වෙවි.. එක අපිට හොද පාඩමක් වෙවි.. ඔයා කිව්වොත්.. ඔයාගෙ හිතටත් සැනසීමක් දැනෙවි..
හා හා පුරා කියලා මම ලියන පළමුවන comment එක. ඔව් නංගා ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත වලට මම ගොඩක් අසයි. ඔහුගේ ගීත වල තියනවා හොද අර්ථයක්. මම ඔහුගේ ගීත වලින් ගොඩක්ම ආස "සබද අප කදු නොවෙමු උනුන් පරයා නැගෙන... සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන..." යන ගීතයටයි..
ReplyDeleteනංගා විරහව වේදනාව තියන ගීත ගොඩක් අපේ හිතට ලංවෙන්නේ ඒ විරහවෙන් වේදනාවෙන් අපේ හිත් පෙලෙන වෙලාවට. එවැනි ගීත මෙතරම් කාලයක් අප හිත් වල රැදෙන්න හේතු වෙන්නෙත් ඒ ගීත අපගේ ජීවිතය අප සිතන විදියට ගොඩක් අපිට සමීප හින්දයි.
නංගා අපේ ජීවිතය ආපස්සට අදින අපිට අමතක කල යුතු දෙයක් තියනවා නම් අපි එක කොහොම හරි අමතක කල යුතුයි. නංගා අපිට තියෙන්නෙ එක ජීවිතයයි. පූසන්ට වගේ අපිට ජීවිත 9ක් නෑ. නංගා ඔයා තාම ජීවිතයෙන් 1/4 අවිල්ල තියෙන්නේ තව ඔයාට 3/4 යන්න තියනවා. ඒ 3/4 ඔයා ජීවිතයෙ සාර්ථක කර ගත්තම ඔයාගෙ ජීවිතය කොච්චර සුන්දරද කියලා ඔයාට කවදා හරි දවසක දැනෙවි..එදාට ඔයා මේ විදියටම වෙනත් අර්ථයක් ඇති සුන්දර ගීතයකට ගොඩක් ආස කරයි. ඔයාට සුන්දර අනාගතයක් උදා වේවා නංගා!
රවා අයියේ....
ReplyDeleteමේක මොනතරම් වේදනාවක්ද කියලා මට වඩා දන්න කෙනෙක් ඉන්නවද මන්දා.ගෙවෙන හැම තප්පරයක්ම මං විදවන හැටි මං විතරමයි දන්නේ.හිත වැඩියෙන්ම වේදනා විදින්නේ මගෙ අතින් උන වැරදි වලට මිසක් අහිමි වීමටම නෙවෙයි.
කවදාවත් කාටවත් දුකක් දීලා සැනසිල්ලේ නිදාගන්න පුලුවන් කෙනෙක් නෙවෙයි මම.ඒත් වේලාවකට හිතෙනවා එහෙම හිතක් තිබුනනම් මං වාසනාවන්තයි කියලා.මොකද මාව හැම වෙලේම අසරන කරන්නේ මගෙ මේ සිතයි,ඒකටම හරියන ඇස් දෙකයි.
ඇත්තටම දැන් මට ඕනේ අතීතය සම්පුර්ණයෙන්ම අමතක කරන්න.බලමුකෝ මේ හිත ඒකට මට උදව් කරාවිද කියලා.
ආයෙත් සැරයක් ඇවිත් යන්න ආවට ගොඩක් ස්තුතියි අයියේ.
සිතට දැනෙන දේ....
ReplyDeleteමාත් ගොඩාක් ආසයි ඒ සින්දුවටත්. ඇත්තටම අයියේ ගුණදාස කපුගේ මහත්තයගේ හැම සින්දුවකටම මං ආසයි.කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ එවා නේ..
ස්තුතියි මේ පැත්තේ අවිත් යන්න අවාට.
නංගො,
ReplyDeleteඔයා බලන්න ඕන් මමත් ආව...
ලියන්න පටන් ගත්තම ඉබේම දකින දේවල් ලියන්න පුරුදු වෙනව...
තව ටිකක් කල් යද්දි ඔයාට ත් ඒ පුරුද්ද්ද හැදෙයි..
අනික ඉතින් සින්දුවක් වගේ දෙයක් ගැන උනත් ඔයාට හිතෙන දේ ලිවීම
හොඳ දෙයක් නෙ..
වේජනා අක්කේ...
ReplyDeleteඅනේ ඇත්තටම හරිම සතුටුයි අක්කේ ඔයා ආපු එක ගැන.මං මේ දහ අතේ කල්පනා කරන්නේ මං මොනා ගැනද ලියන්නේ කියලා
වත් ගේ අඩවියේදී නිතරම පේන
ReplyDeleteමං දන්නෑ කියාගෙන බෝ දේ ලියන
නන්නදුනන ඔබ මා ලියු දෑ බලන
මන්දෑ නොයන කාරණ මේදෙස පැමින
විහග ගීතය.....
ReplyDeleteහප්පා දැනුනු සතුට ඔයාව දැක්කම.මේ වෙලාවෙ මගෙ ඇස්වල් තියෙන සතුටත්,මුනේ තියෙන හිනාවත් ඔයාට පේනවනම්. අනේ මංදා මේ හැටි සතුටු වෙන්න දෙයක් තියෙනවද කියලා ඔයාට හිතෙයි සමහර විට. ඇත්තටම මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට මාව බලන්න ඒවී කියලා මේ කවි කාරයා...අනේ මං දා....මං දන්නේ නෑ....
@ මම
ReplyDeleteඇවිදින් ගියෙන් කඳ මලු පුරවා මදෙස
නෑවිත් ඉදින්නද මම නුඹ වෙත කෙලෙස
නෑගම් යනෙන යුරු සිහි කරණා විලස
ආයෙම්, යළිත් එන්නම් ඉඩ ලද විගස
ඔයා කිව්ව වගේ කපුගේ මේ ගීතයටත් යොගී කිව්ව වගේ මේ ගීතයෙන් කපුගේ ගේ අපූරු කටහඬටත් උපරිම සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා . . . . විරහව ගොඩක් අයව කවියෝ කරනවා කියන දේ ඇත්ටක්ද මන්දා. . . විරහවෙන් පස්සේ තමයි ලොකේ හැම සුන්දර දේකම එතුවක් සුන්දරයි කියලා නොහිතුනු දේවල් ගොඩක සුන්දරත්වය දකින්න පටන් ගන්නේ . . මොනා වුනත් කමක් නෑ . .. දිගටම ලියන්න මේ වගේ . . .
ReplyDeleteගොඩාක් ස්තුතියි අයියේ ඔයත් මේ පැත්තේ ආවානේ...
ReplyDeleteඅපේ ගායකයො අතරින් විරහ ගීත වලට ගැලපෙනම කටහඬක් තිබුනෙ කපුගේට කියලයි මගේ අදහස. කපුගේගෙ නහය යටින් එන හැඟීම්බර කටහඬේ ටිකක් විතර ඇඬුම්බර ගතියකුත් මුසුවෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද.
ReplyDeleteඅයියේ මට නම් හිතෙන්නේ කපුගේ,සෝමතිලක ජයමහ ,දිවුල්ගණේ කියන කලාකරුවන් තිදෙනාම හරිම වේදනාබර ,හිත පාරවන කටහඩවල් තියෙන අය කියලා..
ReplyDeleteඅහ්!!!! මටත් සෝමතිලක ජයමහ ගැන අමතක උනා.
ReplyDelete