කියා දෙන්න මට මේ රුදු පාලුව
දරාගන්නේ කෝමද කියලා....
කියා දෙන්න මට දෙනෙතේ
කඳුලැල් නවතන්නේ කෙලෙසද කියලා.....
එන්න එක වරක්... ආයෙම..
යලි යන්න නොසිතෙන්න කරමි ආදරේ...
හිනැහෙන්න එක වරක්
ජිවිතයම යලි අස්වද්දමී ආදරෙන්...
ඔබත් එක්ක මා දුටු මුදු සීන වලට..
පණ පොවන්න..
එන්න ආදරෙන්....
වියලි කතර අස්වද්දා ජිවන විල මල් පුබුදා..
මාත් එක්ක දිවි ගෙවන්න..
එන්න ආදරෙන්...
එනවානම් දිනක සොයා
ඔබ නමින්ම වෙන්වෙන්නම්....
එනතුරු යලි මා සොයලා ඔබ
වෙනුවෙන් පේ වෙන්නම්....
මැවූ හැම සීනයක්ම බොදවූ කල , ජිවිතයම මුලාවක් බව වැටහුනු කල යලිත් ජීවිතය සොයන්නට වෙහෙසෙන්නද මං...
චේජනා අක්කාට මගේ හද පිරි ස්තුතිය..
ReplyDeleteතමන්ගේ බැඳිම වෙනුවෙන් බලා ඉන්න එක තරම් සතුටක් තවත් තියෙනවද ? එහෙම නේද ?
ReplyDeleteඔය හීන වලට පණ දෙන්න හීන වල සැරිසරන අයිති කාරයා ඉක්මනින් ඒවී...බලා ඉමු නේද ?
ඔන්න අපේ නංගිත් අද සෑහෙන ලොකු බැදීමක් ඇති කර ගත්ත....
ReplyDeleteකවිය ලස්සනයි නංගා෴
නංගි, කවිය මුලු හදවතින් ම එන හැඟීමක්,ඒක හොඳට ම දැනෙනව..කවිය කියවද්දි..
ReplyDeleteඒත් ඉතින් දරුවො..කාලය අපි වෙනුවෙන් නවතින්නෙ නැති නිසා දාල ගිය කෙනෙක් එනතුරු ජීවිතය නතර කරගෙන ඉන්න බෑ මට හිතෙන විදියට..
වෙන තැනක වෙන විදියකට ජීවිතේ හොයාගන්න.. අලුතෙම්ම පටන්ගන්න...
හරිම ලස්සනයි අක්කියෝ
ReplyDeleteදිල් අක්කා....
ReplyDeleteබලමුකෝ දිල් අක්කා ඉස්සරහට වෙන්න තියෙන දේවල් මොනාද කියලා..මොනා උනත් ඉතින් වෙන්න තියෙන දේවල් නවතන්නත් බෑනේ
වත් අක්කා...
මං දන්නවා අක්කා.මං බලන් ඉන්නේ අක්කා කවදද ඒ ආදර බැදීමේන් බැදෙන්නේ කියලා.
චේජනා අක්කා...
ඔයාට ගොඩාක් ස්තුතියි මගේ අක්කියෝ...ඔයා නැත්තම් සමහර විට මේ කවිය ලියවෙන්නේ නෑ කවදාවත්..
කදුලු බිංදු..
හප්පා මං දෙවනි වතාවටත් ඔන්න අක්කා කෙනෙක් උනා..
ස්තුතියි නංගියෝ...
කවිය ලස්සනයි අක්කි
ReplyDeleteදැන් තුන්වෙනි පාරටත් අක්කෙක් උනා නේද:D:D
නංගා ඔන්න සිතට දැනෙන දේ කියන්න ආවේ...
ReplyDeleteජීවිතයේ මුලාවල් වලට අපි කවුරුත් අහු වෙනවා නංගා. හැබැයි නංගා ජීවිතය හැමදාම මුලාවක් වෙන්නෙ නෑ. පාළුව තනිකම මකන්න කාලය විසින්ම තමාටම කියලා දෙනවා.
ජීවිතය නංගා අපි හැමදාම සොයන දෙයක්. අපි දන් නැතුවම අපි ජීවිතය හොයනවා හැමදාම.අපි මැරෙනකම්ම කරන්නේ ජීවිතය හොයන එක තමයි.
කවදා හරි නංගා ඔයා සොයන ඒ සුන්දර ජීවිතය, බැදීම් ඔයාට ලැබෙන්න කියලා මම මුළු සිතින්ම ප්‍රාර්ථනා කරනවා!
තව දෙයක් තියනවා සිතට දැනුන. ඔයා දැන් කවිකාරියක් වෙලානේ. මගේ සුභ පැතුම්!
සතුටින් ඉන්න...
දීලා හදවතකට බෝ සැනසුම්
ReplyDeleteවීලා කැප නොදෙමින් කිසි තනිකම්
දළු ලෑ වත් හුදු ප්‍රේමය මනරම්
පාලා ගිය වැනි බහුරූ කෝලම්
කාලය පාඩම කියලා දෙනවිට
ආලය නොමවිය හදෙහි පිදූ මට
මා ළය පිළිසිදුනාවූ දුක යට
පේවිය යුතු ඇයි? මම තව හදකට
ම්ම්ම්...
ReplyDeleteපිරිමියකුට ඉතින් ඔයිට වඩා දෙයක් තියනවද...
සමහර විට වටිනාකම හරියට දැන්න නැතුව ඇති..
ලස්සන හැඟුම් බර කවියක්....
ඔබත් සමග අතිනත ගෙන..
ReplyDeleteඅනන්තයට පියාඹන්න..
අතීතයේ තව දවසක්..
අනාගතය වෙත යවන්න..
පෙරුම් පුරා සිටින නමුදු..
දුටු සිහිනය යළි දකින්න..
මියගිය හද වෙණ නාදය..
මිහිරි සරින් යළි වයන්න..
අතීතයේ මතක තුළින්..
නව දිවියක පණ පොවන්න..
එන්නට හැකිවෙද යළිත්..
හද මල් ගොමුවෙහි සරන්න..
පද පෙල නම් හරිම ලස්සනයි සහෝදරී.........
ReplyDeleteදාල යන්නේ මගේ වටිනා කමක් නැති නිසා වෙන්නැති කියලයි මං නම් හිතන්නේ.......
හසිත ජයසූරිය....
ReplyDeleteස්තුතියි මල්ලියෝ මේ පැත්තේ ආවාට..ඒකනේන්නම් මං 3වෙනිවතාවටත් අක්කෙක්....සතුටුයි මට...
සිතට දැනෙන දේ...
ReplyDeleteස්තුතියි අයියේ...ම්ම්ම් මං කවිකාරියෙක් වෙලාද? අනේ ඉතින් ඒ අපරාධෙට වගකියන්න ඕනානම් අපේ චේජනා අක්කා තමා...
විහඟ ගීතය...
ගොඩාක් ස්තූතියි ඔයාටත්..
තිස්ස දොඩන්ගොඩ..
ස්තුතියි අයියේ මේ පැත්තේ එනවට...හ්ම්ම්ම් සමහර දෙවල් වල වටිනාකම ඉතින් මිනිස්සු වෙන අපට දැනෙන්නේ ඒ දේ සදහටම අපට නැති උනාමලුනේ...
මාරයාගේ හෝරාව ...
අම්මේ අයියේ මගෙ කවියනම් මංදන්නෑ...එත් අයියාගේ කවියනම් පුදුම ලස්සනයි...බලන්න ඉතින්..දැන් හැමෝම මගේ කවිය කියවන්නැතිව ඔයාගේ එකට කමෙන්ට් කරයි...
ඒක නෙවෙයි අපේ මාරයියාටත් ගොඩාක් ස්තුතියි ඔන්න මගෙ මේ විකාර කියවන්න එනවට...
හා පැටික්කි (MS)...
ස්තුතියි හා පැටික්කි...ඔව් ඉතින් වටිනාකමක් නැති නිසාම තමා දලායන්න ඇත්තේ...
විකාර..?
ReplyDelete