
ඔබේ පුංචි මුව කමල
දෙස බලන් හැම දිනෙක
මා සිතමි මගේ දුට
පින්වන්ත මවක් වෙන්න
හිත පුරා නිති නැගෙන
ආදරේ තරම මට
කියාදෙන්න මදි තවම
මා දන්න වදන් සැම
මොළකැටි දෙඅත් පා
දගකරන විලාසයට
හදවතින් ගලාඑන
සෙනෙහසේ මව් ගුණය
නුබේ නමින් පෙරලුවෙමි
සුදු දුවේ කිරි බවට
මගෙ පුංචි ලෝකයට
සතුට සැනසුම ගෙනා
මේ පුංචි සුරගනට
ආදරෙයි මම සදා ......!!