Thursday, July 8, 2010

වරද කිමදැයි සිතමි


සිත නීවි සැනහෙන්න
පතා මම හැමදිනම
දල්වන්න හිතාගත්
බුදු පහන දෙස බලාන

දහස් වරක් එක සිතින්
පෑතූ ඔබ නොලැබෙන්න
තරම් මා අතින් උනු
වරද කිමදැයි සිතමි....!!!

11 comments:

  1. දල්වන්න බුදු පහන
    අවි අඳුර බින්දලන්න....
    ආදරය විඳවන්න
    ජීවිතව විඳගන්න.....
    වලදාපු විරහ සිත
    එපා යලි ගොඩගන්න......
    කාලයට ඉඩදෙන්න
    සිනා මල් කැඳවන්න......

    ReplyDelete
  2. මෙකට මට කියන්න දේ බොහෝමයක් තියෙනවා. පස්සෙවත් කියන්නං දැන් මම වැඩට යන්න හදන්නේ දවස් ගාණකට පස්සේ.

    ReplyDelete
  3. Some people find the peace in others heart
    they never touch it,
    but some are keep looking inside of them. They only worry for others. In first post you wrote that you cheated to someone. So first mistake must be correct at first. Long way infront of your heads. Dont get upset. If you break someone dignity, Oneday you will also break yourself. Love is not a poem. Keep in your mind that what you have get and what you have lost. reality is something far from poem and fantasy.

    " these food made my own hands"

    past cannot be change.
    present cannot be controled.
    future cannot be predict.

    ReplyDelete
  4. මගේ අත්දැකීමක්දෝ මේ අකුරු කරලා තියෙන්නෙ කියලා මොහොතකට හිතුණා.

    ReplyDelete
  5. පහන් පුදා බුදුනට පැතුමන් පතන..
    සිහින් සරින් දෙවියන්ගෙන් නිති යදින..
    දොත් මුදුන් දී වඳිමින් එක සිතින..
    ඒත් තවම නැත එළියක් හෙම පෙනුන..

    නංගෝ තරහා ගන්ට එපා. බුදුන්ට මල් පහන් තියලා ආසාවන් ඉටු කරගන්ට නොහිතනවනම් තමා වඩාත් හොඳ.
    මම බණ කියන්ට හදනවා නෙවෙ. ඒත් කවිය දැක්කම මට කල්පනාවට ආව දේවල් බොහෝමයි. ඒවා ඔක්කෝම මෙකෙ ලියන්ට ගියොත් ඔයා මාත් එක්ක තරහා වෙන්ටත් බැරි නැහැ. ඒ හින්දා මම ඔන්න කෙටියෙන්ම ඉවර කලා.

    ReplyDelete
  6. Shadow/හේමලයා...ට
    ස්තුතියි ඔබට...
    මාරයාගේ හෝරාව ...ට
    අයියෝ මොනා කිව්වත් අයියා එක්ක තරහා නෑ අයියේ....අයියා කියනදේ මට තේරෙනවා අයියා...ස්තුතියි අයියේ ඔයාටත්
    Anonymous said... ට...
    ගොඩාක් ස්තූතියි යාලුවා අදහස් දැක්වීම ගැන...
    Ansh Lucky Sri Jay ....ට
    සමහර දේවල් තියෙනවා අක්කා අපි ගොඩක් අයට එක සමාන අත්දැකීම් ලැබෙන නේ....ස්තූතියි ආවාට අක්කා

    ReplyDelete
  7. Often, we can't assign a reasonable or logical cause to things that happen in our life,

    May be,

    They were just predestined to occur,

    ReplyDelete
  8. වරදක්මත් නෙවෙයි. දෛවය කියන්නෙ ඕකට තමයි ඉතින්.

    ReplyDelete
  9. නරකද නංගා බෝධි පූජාවක්වත් තිබ්බා නම්... ඔයගේ සියලුම දුක් කරදර අවසන් වෙන්න කියලා හිතාගෙන....
    මමත් ප්‍රාර්ථනා කරනවා නංගාගේ සියලුම දුක් කරදර අවසන් වෙලා ඉක්මනටම සතුට ලගාවෙන්න කියලා..

    ReplyDelete
  10. Me kava godak lassanayi.. Ee wageema godak dukayi :(

    ReplyDelete