Tuesday, June 29, 2010

සැනසුම කොයි ගියාවදෝ....

දින දින බලා උන්නෙමි මම නුබ එනකන්
දැන් ගතවී ඇත බොහො දින නුබ නෑවිත්
සිත පෑරෙයි වෙන හැමදිනටත් වැඩියෙන්
සිත සනසන සැනසුම නුබ කොහෙද ඉතිං

නුබ ඇවිදින් මගෙ මුදු සිත සනහාපන්
යලි නොගිහින් මේ සිත අසලින් හිදපන්
කිසි අයෙකුට නුබ ගෙනියන්නට නොදිමින්
රැක ගන්නම් මගේ සැනසුම වරෙන් ඉතින්

වෙන කිසිවක් නෑ අවැසි මෙමට ඉතින්
නුබ පමනයි නැත්තේ මගෙ සිත අසලින්
තිබෙන සියලු සන්තක මා නමට ඉතින්
සියල්ල ගෙන නුබ පමනක් වරෙන් ඉතින්

නුබට නොහැකිනම් මා සිත සනහන්න
සැනසුම නොමැති ජිවිතයක් එපා ඔන්න
සදාතනික සැනසුම මට හිමිවෙන්න
මරණය වෙලා වත් නුබ පිහිටට එන්න....

8 comments:

  1. හ්ම්ම්ම්ම්ම් !

    වේදනාව අපූර්වට කැටි කල පද ටිකක්....

    ReplyDelete
  2. ඇයි එක්කෙනෙක්ගෙන් විතරක්ම සැනසුම හොයන්නෙ.එයාගෙන් ලැබෙන්නෙ නැති සැනසුම වෙන එක්කෙනෙක්ගෙන් ලැබෙන්න පුලුවන්.එකම දෙයක් ගැන බලාගෙන හිත රිදව ගන්නෙ අපරාදෙනෙ.

    ReplyDelete
  3. කවදා කෙළෙස ඒදෝ නොදනිමි කෝම..
    එනතුරු බලා හිද වැළපෙමි මම තාම..
    සුවපත් නොවන සිත අද්දර හැමදාම..
    මරණය පමණි සැමදා ඇති සැනසීම..

    ReplyDelete
  4. සැනසුම මිනිස්සුන්ගෙ හදවත ඇතුලෙ තියන්නෙ. ආශාවන්ට වහල් වෙලා සැනසුම නැති කරගන්නවා. කොහොමත් ජිවිතෙ හරිම පුදුම දෙයක්. කොච්චර දුන්නත් මදි කියන මිනිස්සු අතර ටිකක් හම්බ වුනත් ඇති කියන අයත් ඉන්න හැටි හරි පුදුමයි. මිනිස්සුන්ට අමතක වෙන හැටිත් පුදුමයි. හිතෙ තමයි ඔක්කොම තියන්නෙ. කාලයා හැමදේම විසඳයි හැබැයි හැමදෙම නොවෙයි.

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..................

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්ම්....
    ලස්සනටයි නංගා පද ටික... හැමදේම හොදින් විසදෙයි...

    ReplyDelete
  7. නංගට මේ පද පේලියනම් සැරටැ ලියල තියෙනව.
    ආදරේ ගැන උපදෙස් දෙන්න තරම් මට ලොකු හැකියාවක් නෑ.
    ඒත් සවන් දෙන්නෙක් විදිහට නම් ගොඩක් අත්දැකීම් තියෙන්ව.
    ඒකයි මම හැමදාමත් කියන්නෙ මෙච්චර දුක් විඳින්න තරම් ඔයා තාම පොඩි වැඩියි නංගො.

    ReplyDelete
  8. මේ පැත්තෙත් අවාට ගොඩාක් ස්තුතියි දිල් අක්කා,දිනෙශ් අයියා,මාරායියා,රවා අයියා,හා පැටික්කි, සිතට දැනෙන දේ ,මතක මං පෙත...

    මතක මංපෙතට...
    ඔහොම තමයි අයියා වයසට වඩා වැඩිදේවල් කරන්න යද්දී...ස්තුතියි අවාට

    ReplyDelete