Tuesday, April 6, 2010

සිත් ගත් ගීයක්...

මේ ගීතයට මන් ගොඩාක් ආසයි.එත් මේක ඇහෙද්දි ලොකු වේදනාවක් දැනෙනවා හිතට.මට වෙලාවකට හිතෙනවා කරුණාරත්න දිවුල්ගනෙ,සෝමතිලක ජයමහ කියන ගායකයන්ගෙ හඬ හරිම දුක්බරයි කියලා.අනේ මංදා මේ මගෙ මනස්ගාතද කියලා.

නෙතට උලෙලක් විය එදා ඔබ
කදුලු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා...

ඔබෙන් තොරවු ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා...
ඔබේ සිත වෙන අතක රන්දා...
එපා දුක ගෙන එන්න කැන්දා...

ඔබේ රුව රසදුනක් වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දාරා ගන්නට

ගැයුම
කරුණාරත්න දිවුල්ගනේ....

ඇත්තටම මේ පදවල මොනතරම් ඇත්ත තේරුමක් ද තියෙන්නේ.මෙ ගීතයේ අන්තිම පද පේලි හතර දිහා බලන්න.
අපිට අපි ගොඩාක් ආදරේ කරපු කෙනෙක් නැති වුනාම හිත හදාගන්න මොනතරම් නම් අමාරුයිද?එත් අපි ගොඩාක් ආදරේ කරපු දෙයක් හරි කෙනෙක් හරි අපට ලැබෙන් නැතිව වෙන කෙනෙක්ට ලැබුනොත් අපි ඊට වඩා ගොඩාක් විදවනවා නේ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් එහෙම නෙවෙයි කියලා.එත් මං නම් හිතන්නෙ අපි ගොඩාක් දෙනෙක් එහෙමයි කියලා.ඒක අත්මාර්ථ කාමීයි තමයි.එත් ඉතින් අපි තාම රහත් වෙලා නෑනේ.ම්ං දන්නෙ නෑ මං කිව්වේ මට හිතුන දේ.(මේක ගොඩාක් විට වලංගු වෙන්නේ අදරේ කරපු කෙනා තව කෙනෙක්ට අයිති වුනාම)

12 comments:

  1. මේ ගීත වල තියෙනවා අමුතුම සිත කලඹවන ගතියක්. මාත් හරි කැමතියි කරැණාරත්න දිවුල්ගනේගේ සිංදු වලටත්.
    අන්තිමට කියල තියෙන දේටත් මම 98% ක් එකඟයි.


    බ්ලොග් එකේ දියුණුවට පොඩි අදහස් දෙකක්, තුනක් විතර දෙන්නම්

    1.පෝස්ට් එකේ අකුරැ ටිකක් ලොකු කරලා දාන්න.
    2.එකම පාටක් තෝරගෙන පෝස්ට් දාන්න උත්සාහ කරන්න.
    3.කැමති නම් බ්ලොගය සින්ඩියකට ඇතුලත් කරන්න. එතකොට වැඩි දෙනෙකුට කියවන්න අවස්ථාව ලැබෙනවා.

    ඔබට ජය

    ReplyDelete
  2. ලස්සන සින්දුවක්.. ඇත්තටම මිනිස්සු කරන්නෙ ලැබෙන්නෙ නැති දෙවල් වලට ආදරෙ කර කර ලතැවෙන එක...

    තමුන් ආදරය කරපු කෙනා වෙන කෙනෙකුත් එක්ක අත්වැල පටලවා ගෙන ඇවිද යනවා දැකිම කොච්චර නපුරු සිහිනයක් ද.. ගෙවුනු කාලය ගැන සිතා පලක් වෙන්නෙ නැහැ.. මිනිස්සු හැමදාම හොයන්නෙ ලඟ නැති දෙ.. ආපහු ලියනවා දැකිමත් සතුටක්..

    මෙව්වා පොඩි දෙවල් නංගි වැඩිය ඔය වයසෙදිම ඔලුවට ගන්න එපා..මටත් ඔය වයසෙදි තමයි සික් එක ගැහැව්වෙ.. මොනා කරන්නද ඉතින්.. ඔය ගිය දෙට යන්න දෙන්න

    දෙවියො
    දෙන දෙයක් අරන් කට්ටෙ දාගෙන
    වෙන දෙයක් බලා ගෙන ඉන්න..

    ReplyDelete
  3. @රවා
    ඔව් අයියේ දැන් නම් කරන්න හිතන් ඉන්නේ ඒක තමා..ස්තුතියි.

    ReplyDelete
  4. හෙලයා අයියේ...මං අකුරුනම් ලොකුවට ලියන්නේ...එත් පොස්ට් කරලා ඉවර උනාම ආයේත් අකුරු පොඩිවෙලා.මන් මේවා ගැන හරියට දන්නේ නෑ.පුලුවන්නම් උදව් කරනවද...ස්තුතියි අදහස් දැක්විමට..

    ReplyDelete
  5. ඔව්... ලස්සන සින්දුවක්. මගේත් කැමතිම ගීතයක්.

    ReplyDelete
  6. මරු ගීතයක් මම කවදත් ප්‍රිය කරනව මේකට

    ReplyDelete
  7. Nage, dannam akuru tikak loku wedie :)

    ReplyDelete
  8. මං බ්ලොග් එක පොස්ට් කරන වෙලාව නෙවෙයිනේ මගෙ ලිපියෙ වැටෙන්නේ
    ඒ ඇයි කියලා කව්රුහරි මට කියලා දෙනවද

    ReplyDelete
  9. 1. සමහර විට අකුරු ප්‍රශ්නෙ ඇවිල්ලා තියෙන්නෙ ඹයා edit html කියන tab එක select කරල වෙන්ඩ ඇති ලිපිය ලියන්නෙ.compose කියන tab එක select කරල ලිපිය ලියන්ඩ.
    2. ඔයා new post කරද්දි post option select කරල වෙලාව type කරනව නේද.ඒත් ඔයාගෙ blog එකේ settings වල තියෙන්නෙ වෙන වෙලාවක්. උදාහරණයක් විදිහට ඔයාගෙ blog එකේ setting වල තියෙන්නෙ වෙලාව හවස 2 ක නම් ඔයා post එකේ type කරන වෙලාව හවස 4 නම් ඔයාගෙ post එක වෙන්නෙ පැය දෙකකට පස්සෙ.ඒකට Settings එකේ Formatting ගිහිල්ල එකේ Time zone එකට Colombo select කරන්න.කරල යට තියන save settings බොත්තම ඔබන්න.එතකොට new post කරද්දි post option වල හරි වෙලාව automatic හැදෙනව.වෙලාව type කරන්ඩ ඔනේ නෑ.
    3. comment දාද්දි comment එක new window එකකින් එන්නෙ නැතිව post එක යටින් වැටෙන්ඩ දාන්ඩ ඔනෙ නම් Settings එකේ comments ගිහිල්ල එකේ Comment form placement එකට embedded below post එක select කරල යට තියන save settings බොත්තම ඔබන්න.

    ReplyDelete
  10. @kalawadda....
    ඔයාට ගොඩක් ස්තුතියි කලවද්දෝ.මං තවම මෙවට අලුත් කෙනෙක්

    ReplyDelete
  11. මමත් පිලිගන්නව ඔය කියපු කතාව..ආදරේදි අපි හෑමොම ආත්මර්තකම්යි..ලස්සනයි..මෙක මමත් ආස ගිතයක්

    ReplyDelete