ජිවිතය අද
දුෂ්කරයි ඔබ ලඟ
එනමුත් දනී මම
ඔබ ශක්තිමත් වඟ තවම
ගරා වැටුනු බිත්ති සේම
ගරා වැටුනු ජිවිතද...
යදින්නේ ඔබේ සරණම නේද..ඔය
සියුම් තරහක්
මතුවුනද විටකදි
මගේ ලොව නොසැලෙන
පහන් ටැඔ ඔබ
එපා කදුලැල් ගන්න නෙත් වෙත
ජීවිතය හැර දිව නොයන් කිසි විට
පරාද නොවෙයි ලෝකය හමුවේ ඔබ
ඒදා මෙන් මගෙ හිත කියයි, අදත් මට
අද මෙලෙස දුක් වුවද...
යලි දිනක් ඒයි නැවත
සැගව ගිය ඒ සතුට
අප සොයා පැමිනෙන
එතෙක්...........
බය නොවී ඉන්න ඔබ
සැහැල්ලුවෙන් දිවි ගෙවමින්
ලෝකයට කියාදෙන්න හිනාව ගැන....
............... ලගදිම දිනෙක අයේත් ඒවි , ඒ නැතිවුනු සතුට නුඔ සොයාගෙන..................
ප.ලි- ඒ සතුට ආ යුතුමයි...රැයක් ඇත්නම් ඒ රැය නිමාවන අලුයම සේම , මේ වේදනාවන් නිමා කරමින් සතුට ඔබ සොයා ආ යුතුමයි...එතකන් මේ ජිවිතය දරාගන්න..ඔව් ඔයාට ඒක පුලුවන්..මට තේරේනවා ඒක ඔයාට පුලුන් කියලා . මේ දුක් වලට නැවතුම තියන්න ඔයාටමයි පුලුවන් . ඔයා දිහා බලන් හූල්ලන ඔය ගෙදර බිත්ති වලට වගේම තවමත් පණ තියෙන ජිවිත වලට කියලා දෙන්න ලගදිම මේ ආකාරුණික වේදනාව ඉවර වෙන බව...ඔයා ඒ මූණූ වලට හිණාව අරගෙන එන බව..ඒත් එතකන් " මං ඔයා ලඟම බව කියනෙපා...."
Tuesday, December 14, 2010
Monday, October 25, 2010
මගෙ දුට සෙනෙහසින් .......
Thursday, July 8, 2010
වරද කිමදැයි සිතමි
Sunday, July 4, 2010
"සමාවෙන්න"
මට මගෙ සිත හදා ගන්න
උදව් වෙන්න මට බැරි කොට
එහෙව් මගෙන් ඔබේ හිතට
කිනම් සහනයක් දෙන්නද...
මේ ජිවිතේ වැලපෙන්නේ
ඔහු වෙනුවෙන් නොවන බවද
ඔබ වෙනුවෙන් පමනක් බව
ඔබට කෙලස නම් කියම් ද
මා නිතරම ආඩම්බර වග
ඔබ හැමදාමත් කීවද...
කවදා හෝ දුටුවද ඔබ
හදවත තුල ඇති දයාව
"සමාවෙන්න"කියනු මිසක
නොහැක අන් යමක් කරන්න
ඔබට වඩා මා අසරන
බව පමනක් සිතා ගන්න
හැමදාමත් කාටම හරි
කරදරයක් උනා මිසක
කිසි හිතකට සැනසීමක්
වෙන්නට බැරිවිය මා හට
මල් වයසෙ යුවතියන්ට
ඇති දහසක් සොදුරු පැතුම්
එනමුදු ඔබ දන්නවාද...
මගෙ පැතුමන් ගිලිහුනු බව..
දැන් ඇත්තේ එක පැතුමයි..
"මරණය"ඒ පැතුම තමයි
ඔහු කැදවා ගෙන යන තුරු
හුස්ම ගන්නවා පමනයි...
උදව් වෙන්න මට බැරි කොට
එහෙව් මගෙන් ඔබේ හිතට
කිනම් සහනයක් දෙන්නද...
මේ ජිවිතේ වැලපෙන්නේ
ඔහු වෙනුවෙන් නොවන බවද
ඔබ වෙනුවෙන් පමනක් බව
ඔබට කෙලස නම් කියම් ද
මා නිතරම ආඩම්බර වග
ඔබ හැමදාමත් කීවද...
කවදා හෝ දුටුවද ඔබ
හදවත තුල ඇති දයාව
"සමාවෙන්න"කියනු මිසක
නොහැක අන් යමක් කරන්න
ඔබට වඩා මා අසරන
බව පමනක් සිතා ගන්න
හැමදාමත් කාටම හරි
කරදරයක් උනා මිසක
කිසි හිතකට සැනසීමක්
වෙන්නට බැරිවිය මා හට
මල් වයසෙ යුවතියන්ට
ඇති දහසක් සොදුරු පැතුම්
එනමුදු ඔබ දන්නවාද...
මගෙ පැතුමන් ගිලිහුනු බව..
දැන් ඇත්තේ එක පැතුමයි..
"මරණය"ඒ පැතුම තමයි
ඔහු කැදවා ගෙන යන තුරු
හුස්ම ගන්නවා පමනයි...
Tuesday, June 29, 2010
සැනසුම කොයි ගියාවදෝ....
දින දින බලා උන්නෙමි මම නුබ එනකන්
දැන් ගතවී ඇත බොහො දින නුබ නෑවිත්
සිත පෑරෙයි වෙන හැමදිනටත් වැඩියෙන්
සිත සනසන සැනසුම නුබ කොහෙද ඉතිං
නුබ ඇවිදින් මගෙ මුදු සිත සනහාපන්
යලි නොගිහින් මේ සිත අසලින් හිදපන්
කිසි අයෙකුට නුබ ගෙනියන්නට නොදිමින්
රැක ගන්නම් මගේ සැනසුම වරෙන් ඉතින්
වෙන කිසිවක් නෑ අවැසි මෙමට ඉතින්
නුබ පමනයි නැත්තේ මගෙ සිත අසලින්
තිබෙන සියලු සන්තක මා නමට ඉතින්
සියල්ල ගෙන නුබ පමනක් වරෙන් ඉතින්
නුබට නොහැකිනම් මා සිත සනහන්න
සැනසුම නොමැති ජිවිතයක් එපා ඔන්න
සදාතනික සැනසුම මට හිමිවෙන්න
මරණය වෙලා වත් නුබ පිහිටට එන්න....
දැන් ගතවී ඇත බොහො දින නුබ නෑවිත්
සිත පෑරෙයි වෙන හැමදිනටත් වැඩියෙන්
සිත සනසන සැනසුම නුබ කොහෙද ඉතිං
නුබ ඇවිදින් මගෙ මුදු සිත සනහාපන්
යලි නොගිහින් මේ සිත අසලින් හිදපන්
කිසි අයෙකුට නුබ ගෙනියන්නට නොදිමින්
රැක ගන්නම් මගේ සැනසුම වරෙන් ඉතින්
වෙන කිසිවක් නෑ අවැසි මෙමට ඉතින්
නුබ පමනයි නැත්තේ මගෙ සිත අසලින්
තිබෙන සියලු සන්තක මා නමට ඉතින්
සියල්ල ගෙන නුබ පමනක් වරෙන් ඉතින්
නුබට නොහැකිනම් මා සිත සනහන්න
සැනසුම නොමැති ජිවිතයක් එපා ඔන්න
සදාතනික සැනසුම මට හිමිවෙන්න
මරණය වෙලා වත් නුබ පිහිටට එන්න....
Friday, May 28, 2010
ඉක්මන් සුවය පතනෙමි ...

හදවත සසල විය මිතුරි එය කියන කල
කලයුතු දෙයක් නෑ හැගුනේ එවිට මට
එකවර මතක් වූයේ ඔබේ නුවන් යුග
දෙනුවන් තේමී ගියෙ ඉවසනු නොහැකි කල
එදා බැදුනු ආදරයෙහි නෑ අඩුවක්
සදා ඔබට පෙම්බදින්න හිත හැදුවත්
නොමැත ඉඩක් ඔබේ ලොවේ තව දුරටත්
දෙන්න ලගින් ඉන්නට මට එක මොහොතක්
මගෙ ආදර මිතුරියගෙන් දු.ක ඉල්ලා
වචන දෙකක් පවසා ඔබ දිරිගන්වා
කියනට අවැසි වූ මුත් ඔබ ලග සැමදා
රැදෙන්නටයි මට ඕනා හිත නොතලා
මිතුරිය කෙලෙස හදුනන්නෙද මගේ සිත
නිතරම ඇය පවසන්නේ වෙනතක යන්න
ආදරයක් නෑ ඇය කිසි දිනක කර
ඉතින් කෝම දුක දන්නේද එහි තිබෙන
හිත පතනා කිසිවක් නෑ ඉටු වූයේ
තවදුරටත් නෑ පැතුමක් හිත වූයේ
ඔබ වෙනුවෙන් හැමදාමත් හිත හැඩුවේ
ඇයි මේ හැටි දුක පමනක් උරුම වුනේ
පතනෙමි හිත සතුට හැමදාමත් හිමිට
එලෙසම පතමි නිරෝගි සුව හිමි ඔබට
තිබෙන සියලු දොස් දුරුවී හිමි නමට
ඉක්මන් සුවය පතනෙමි හිමියනි ඔබට
Saturday, May 22, 2010
නව දිවියක් අරඔනු කෙලෙසද...

අරබන්නට නව දිවියක්
නෑ සිතිවිලි වල සවියක්
ඔහු ආවොත් නැවත වරක්
නව දිවියම අපා දුකක්...
මා පැතු සියුමැලි සෙනෙහස
මෙතුවක් ලැබුනේ ඔහුගෙනි
ඔහු හැර මා හදුන ගත්තු
කිසිවෙක් නෑ මේ මිහිපිට
ඔහු කිවත් "එන්න ලඟට"
"තුරුලු වෙන්න එක මොහොතක්"
කොහොමද හිතහදාගන්නේ
නිල්දෙනුවන් අමතක කර..
ඒ මතකෙට සමුදෙන තුරු
නොහැකිය ඔබ ලගට එන්න..
හැකිනම් මා වටහාගෙන
ඔබෙ ජිවිතෙ හදාගන්න..
ඔබ සතුටින් ඉන්න දිනක මේ හිත වඩාත් වඩ වඩාත් සැනසෙනු ඇත.ඔහු නැති කල සැනසීම , අදරය යයි සිතා මා නැතිකරගත් සැනසීම එදින ආපසු මට හිමිවනු ඇත.නමුත් ඔබේ වෙන්නයයි අයදිනු එපා..එය මෙලොව මාහට ඇති දුෂ්කරම කාර්යයයි..ජිවිතයට ඉඩදී බලා ඉන්න. නමුත් ඔබේ ජිවිතය අතනොහැර...
දයාබර නුඔ....

ජිවිතය අබියස මා හඩා වැටෙනා විට
උනු කදුලු පිසදා ....
මුව මතට සිනහවක් ගෙනාවේ නුඔයි....
ආදරය නමින් මා බලාහිදිනා කල...
බලපොරොත්තුවක් වී ජිවිතයට
පණ පෙව්වේ නුඔයි....
ආදරයම ආදරයම පමණක් ඉල්ලා
හදවත හඩ තලද්දී මදපවනක දැවටිලා
මා දෙසට ආදරය වී හැමුවේ ඔබයි...ඔබ පමනමයි...
මුදු පවන වී...
මල් සුවද වී...
සොදුරු සිත මගෙ පැහැර ගත්තේ නුඔයි... නුඔ පමනමයි...
තනිකම මකා නුඹේ පෙම පුදා...
මා ප්‍රේමයෙන් මුසපත් කලෙත් නුඔයි...නුඔ පමනමයි...
නුඔ තිලිණ කල සුන්දර ලෝකය
මගේ නෙත් ලග පණ අදිද්දී...
නුදුටු සේ ඇය දෙසට පිය මැන
මගේ සිහිනයන් දවාහලු කල...
මගේ සිත් ගත් දයාබර නුඔ...
අදත් ..අද සේම හෙටත් හෙටසේම ඉදිරියෙත්
නුඔව පතනා ...නුඔ පමනක්ම පතනා පුංචි
සුරඟන මමයි...මම විතරමයි....
Friday, May 21, 2010
ඔබ වෙනුවෙන් පේ වෙන්නද...

කියා දෙන්න මට මේ රුදු පාලුව
දරාගන්නේ කෝමද කියලා....
කියා දෙන්න මට දෙනෙතේ
කඳුලැල් නවතන්නේ කෙලෙසද කියලා.....
එන්න එක වරක්... ආයෙම..
යලි යන්න නොසිතෙන්න කරමි ආදරේ...
හිනැහෙන්න එක වරක්
ජිවිතයම යලි අස්වද්දමී ආදරෙන්...
ඔබත් එක්ක මා දුටු මුදු සීන වලට..
පණ පොවන්න..
එන්න ආදරෙන්....
වියලි කතර අස්වද්දා ජිවන විල මල් පුබුදා..
මාත් එක්ක දිවි ගෙවන්න..
එන්න ආදරෙන්...
එනවානම් දිනක සොයා
ඔබ නමින්ම වෙන්වෙන්නම්....
එනතුරු යලි මා සොයලා ඔබ
වෙනුවෙන් පේ වෙන්නම්....
මැවූ හැම සීනයක්ම බොදවූ කල , ජිවිතයම මුලාවක් බව වැටහුනු කල යලිත් ජීවිතය සොයන්නට වෙහෙසෙන්නද මං...
Monday, May 10, 2010
ඔබේ කවිය...

ඔහු දිනෙක පුංචි කඩදාසියක් මා අත තැබූහ. එහි මෙසෙ සදහන්ව තිබිනි,
දේ දුනු බැමින් වසා අඩවන්..
දිලෙන පහන් තාරුකා කැට..
වලා අතරින් එලිය දෙන සද..
බැබලෙන මුතු දිමුතු මිණි කැට..
එලිය කරවා සිහින් නා පෙති..
විහඟ කිංකිණී නදින් පුරවා,
මා සවන් යුග.....
නිලංකාර වී කාන්තියෙන් දිදුලනා...
වශීවුනා මම සත්තයි,
නුඹෙ දගකාර සිනහවෙන්,
සුරඟන...
මම අද මෙසෙ සටහන් තබමි,
ඔබ මට වශි වුවාද මා ඔබට වශි වුවාද අදටත් මා නොදනිමි.දන්නා එකම දේ නම් අදටත් මේ මොහොත වෙනතුරුත් එදා මෙන්ම මම ඔබට ආදරෙයි...සත්තකින්ම ආදරෙයි.
Subscribe to:
Posts (Atom)

