Sunday, July 4, 2010

"සමාවෙන්න"

මට මගෙ සිත හදා ගන්න
උදව් වෙන්න මට බැරි කොට
එහෙව් මගෙන් ඔබේ හිතට
කිනම් සහනයක් දෙන්නද...

මේ ජිවිතේ වැලපෙන්නේ
ඔහු වෙනුවෙන් නොවන බවද
ඔබ වෙනුවෙන් පමනක් බව
ඔබට කෙලස නම් කියම් ද

මා නිතරම ආඩම්බර වග
ඔබ හැමදාමත් කීවද...
කවදා හෝ දුටුවද ඔබ
හදවත තුල ඇති දයාව

"සමාවෙන්න"කියනු මිසක
නොහැක අන් යමක් කරන්න
ඔබට වඩා මා අසරන
බව පමනක් සිතා ගන්න

හැමදාමත් කාටම හරි
කරදරයක් උනා මිසක
කිසි හිතකට සැනසීමක්
වෙන්නට බැරිවිය මා හට

මල් වයසෙ යුවතියන්ට
ඇති දහසක් සොදුරු පැතුම්
එනමුදු ඔබ දන්නවාද...
මගෙ පැතුමන් ගිලිහුනු බව..

දැන් ඇත්තේ එක පැතුමයි..
"මරණය"ඒ පැතුම තමයි
ඔහු කැදවා ගෙන යන තුරු
හුස්ම ගන්නවා පමනයි...

12 comments:

  1. හ්ම්ම්ම්............. ලස්සනයි......

    ජීවිතේ විදින්න අපි උත්සාහ ගමු.......... අපිට ඒක පුළුවන් වෙයි......
    අපි එහෙම හිතල පටන් ගමු.........
    එහෙම නේද මගේ යාළුවේ.........????

    ReplyDelete
  2. මෙහෙම සිතෙන ඔබේ සිතේ
    කඳුළැලි ගංගා ගලාය
    කොච්චර ලස්සන වූවත්
    සතුටු වෙන්නේ මං කොහොමද..??

    මොනවා උනත් සුමුදු සිතේ
    කඳුලලි වියලෙන්න පතමි..!!!!!
    මරණය නොව ජීවිතයට
    පුංචිම හරි ඉඩක් දෙන්න..!!

    ReplyDelete
  3. Ansh Lucky Sri Jay....ට
    ගොඩාක් ස්තුතියි අක්කා...ඇවිත් යන්න එන එකනම් හිතට ලොකු දෙයක්

    හා පැටික්කි (MS)...ට
    මට ජිවිතේ විදින්න හැකි දිනයක් ඒවිද මන්දා යාලූ...ඔයාට ගොඩාක් ස්තුතියි කොහොම හරි මාව බලන්න එනවට.ඔයා පාඩම් කරනවා නේ...ද? තව ටික දවසයි....

    මාරයාගේ හෝරාව...ට
    ම්ම්ම්...මේ මොකද මාරයියේ මේ....

    නිම්නය රිඩර් බ්ලොග් කියවනය ...ට
    ගොඩාක් ස්තුතියි යාලුවා ඇවිත් යන්න ආවාට

    nimanthi ...ට
    ස්තුතියි ගොඩාක් අක්කා...හරි සතුටුයි ආව එක ගැනනම්.

    ReplyDelete
  4. මේ වාගෙ අදහස් අපිට එන්නෙ නෑනෙ.අන්තිම හරියටනම් දුක හිතෙනවා.

    ReplyDelete
  5. මිනිස්සු ජිවිතය නැති කරගන්නෙ විහින්, මම ජිවිතෙ ඉස්සල්ලාම වතාවට සතෙක්ව මැරුවා ගහලා, තවමත් හිතට වද දෙනවා, මම පොල්ලකින් ගහලා එ සර්පයව මැරුවෙ, අල්ලපු ගෙදර ඉන්න දරුවො දෙන්නා හින්දයි. එ වගෙ තමයි නංගි ඔයාගෙ ප්‍රශ්නෙත්, හැමොම වඩා හොද ජිවිතයක් හොයන්න ගිහින් තමයි තියන ජිවිතෙත් නැති කරගන්නෙ, අවංක කම කියන්නෙ සංසාර පුරුද්දක්, සතෙකුට ගහලා මරන්න ආපහු මට බියක් හිතෙන එකක් නැහැ, එක නැති කරගත්ත හම ඔය ප්‍රශ්න මුකුත් නැහැ. අපි ජිවිතෙ එක පාරක් හිත හදාගෙන වැරැද්දක් කරොත් එ වැරැද්ද නැවත නැවත කරන්න වෙහෙසක් ගන්න ඔනා නැහැ. එක හින්දා ජිවිතෙ ඉස්සරහාට ගෙනියන්න, වැරදි කරන්න... හරි දෙ කරලා , වැරදියට කරලා.,,, මං වගෙ දුක් වෙන්න වෙයි..

    ReplyDelete
  6. හිතක් ගැන සිතා ගෙන මත්තෙම නැහෙන
    හෙටක් කියා දවසක් නැති බව නොදැන
    වගක් ඇතිදෙයක් වෙනුවෙන් හිත යොදන
    දුවක් වෙනු රටට දැයකට උර දෙවන

    ReplyDelete
  7. dinesh...ට
    ස්තුතියි කවිය කියෙව්වට

    රවා ....ට
    ඇවිත් යන්න ආපු එකත් ලොකූ දෙයක් අයියා.........

    විහග ගීතය....ට
    කෙලෙස කරන්නද ඒ සිත අමතක කෙරුම
    නොහැක දකින්නට හෙට ගැන සුභ සිහින
    වගක් ඇති දෙයක් වෙනුවෙන් සිත යොමන
    කලක් මටත් ඒදැයි තව නොදමි මම

    මාරයියා....ට
    ම්ම්ම් මොකද අප්පේ තරු...මට පෙන්නේ මාරයියාටත් තරු පේන හැඩයි දැන් දැන්...

    ReplyDelete
  8. නංගා ඔයා ලස්සනට පද ටික ලියලා තියනවා.. දැන් ඉතින් කවිකාරිනේ.... ඒත් ඔයගේ අන්තිම පද 4ට නම් මං කොහොමත් කැමති නෑ...

    ReplyDelete