මට මගෙ සිත හදා ගන්න
උදව් වෙන්න මට බැරි කොට
එහෙව් මගෙන් ඔබේ හිතට
කිනම් සහනයක් දෙන්නද...
මේ ජිවිතේ වැලපෙන්නේ
ඔහු වෙනුවෙන් නොවන බවද
ඔබ වෙනුවෙන් පමනක් බව
ඔබට කෙලස නම් කියම් ද
මා නිතරම ආඩම්බර වග
ඔබ හැමදාමත් කීවද...
කවදා හෝ දුටුවද ඔබ
හදවත තුල ඇති දයාව
"සමාවෙන්න"කියනු මිසක
නොහැක අන් යමක් කරන්න
ඔබට වඩා මා අසරන
බව පමනක් සිතා ගන්න
හැමදාමත් කාටම හරි
කරදරයක් උනා මිසක
කිසි හිතකට සැනසීමක්
වෙන්නට බැරිවිය මා හට
මල් වයසෙ යුවතියන්ට
ඇති දහසක් සොදුරු පැතුම්
එනමුදු ඔබ දන්නවාද...
මගෙ පැතුමන් ගිලිහුනු බව..
දැන් ඇත්තේ එක පැතුමයි..
"මරණය"ඒ පැතුම තමයි
ඔහු කැදවා ගෙන යන තුරු
හුස්ම ගන්නවා පමනයි...