Thursday, April 8, 2010

බස් එකේදී....


මං මේ ඔයාලට කියන්න යන්නේ මට බස් එකෙදි මේ ලගදි දවසක දකින්න ලැබුනු සිද්දියක්.මායි මගෙ නෑනා පොඩ්ඩයි දවසක් ගියා අලුත් අවුරුද්දට ඇදුම් අරන් එන්න.ගෙදරින් ගියේනම් උදේ 10ට විතර.ගෙදර එද්දිනම් 7 විතර උනා.දන්නවනේ ඉතින් ගැණු උදවිය shopping ගියාම.පැයක් විතර තෝරලා තෝරලා එකක් අතට ගත්තත් bill එක දාන තැනට යද්දී අතේ තියෙන්නේ වෙන එකක් නේ.මාත් ඔය වගේ කෙනෙක් තමා.ඉතින් එදා දවසම ඇවිදලා ඇවිදලා ඇදුම් ටිකකුත් අරන් අවා බස් එකකට නගින්න. අම්මේ දෙයියන්ට පින්සිද්ද වෙන්න ඉදගෙනම යන්න පුලුවන් බස් එකක් හම්බුනා.ඉතින් ඔහොම ටික දුරක් යද්දි බස් එකේ සීට් පිරුනා.මතක විදිහට කොට්ටාව හරියෙදි විතර ගැහැණු මනුස්සයෙක් නැග්ගා පුංචි දරුවෙකුත් වඩාගෙන.දොරෙන් අතුල් වෙද්දිම ටිකට් කඩන මහත්තයා කිව්වා මේ බබා වඩාගෙන ඉන්න කෙනාට සිට් එකක් දෙන්න කව්රුහරි කියලා.
එතකොටම ඉස්සරහා වාඩිවෙලා හිටපු ගැණු කෙනෙක් මහ හයියෙන් බනින්න ගත්තා අර ගැණු මනුස්සයාට "මොන කරදරයක්ද මෙ,ළමයි උස්සගෙන බස්වල යන්න බැරිනම් ළමයි නොහදා ඉන්න ඔනා.මංනම් දෙන්නෑ සීට් එක"කියලා.තවත් මොනවදෝ කිය කිය අර මනුස්සයට බනිද්දී ඒ මනුස්සයා බය වෙලා බලන් ඉන්නවා මේ මොකද යකෝ මේ කියලා.බස් එකෙ හැමොමත් පුදුම වෙලා බලන් ඉන්නවා.ඇයි ඉතින් කව්රුත් සීට් එකක් නොදී නිදි වගේ හිටියත්,අහක බලන් හිටියත්,පත්තර බලබල හිටියත් හද්දෙයියනේ කව්ද ඔහොම කතාවක් කියන්නේ.බබා අතේ තියන් හිටපු ගැණු මනුස්සයා ටිකක් තරුන වයසෙ කෙනෙක් නිසා ඒ මනුස්සයා අනේ අහින්සක විදිහට මූණහදාගෙන වටපිට බැලුවා.අර කෙනාට මොකුත් කිව්වෙත් නෑ. පුදුමෙ කියන්නේ බස් එකෙ හිටපු එකෙක්වත් අර ගැණීට මොකුත් නොකියපු එකනේ.එච්චර සද්දන්ත මිනිස්සු වයසින් මෝරපු කාන්තාවන් ඉද්දී මං ඉතින් මොනා කියන්නද? එත් මට හිතුනා ඒ කෙනාගෙන් අහන්න "ඔයා ජිවිතෙ කවදාවත් ඔයාගේ දරුවෝ අරන් බස් වල එහෙම ගියෙ නැද්ද "කියලා.මං හිතන්නේ ඒ කන්තාවට අවුරුදු 45,50 ක් ඇති.ඉතින් ගොඩාක් දුරට දරුවෝ ඉන්න එපැයැ නේ.එත් එයාට දරුවො නැත්තම් හොදයි කියලත් මට හිතුනා.මොකද ඒයා අත පත ගාලා හදපු දරුවොත් ගොඩාක් වෙලවට දරන්නෙ එයාගෙම අදහස් වෙන්න ඇතිනේ...බස් එකෙ හිටපු මං ඇතුලු හැම මනුස්සයෙක් ගැනම ලොකු කලකිරිමකුත් ඇති උනා මටම.ඒ වගේ අවස්තාවකදිවත් මෙ කටින් ප්‍රයොජනයක් නැතිනම් මෙහෙම අවයවයක් මනුස්ස අපට තියෙන්නේ බඩජහරියො වගේ ගිලින්නම විතරද?
වෙන කෙනෙක් නැගිටලා අර මනුස්සයට සීට් එකක් දුන්නත් එයා ඉදගන්න ඔන්නෑ.පුතාව ටිකක් තියගන්න කියලා සීට් එක ප්‍රතික්ශේප කලා.මං දැක්කා හොදටම එ අක්කගේ මුනේ තිබුනු වෙදනවා.එත් එවලෙ හිනාවෙලා ගනන් ගන්න එපා අක්කේ කියනවට වඩා දෙයක් කරන්න තරම් හිතේ හයියක් තිබුනේ නෑ මට. ඒත් අර කාන්තවටනම් වගක්වත් නැතිව ඔලුගෙඩිය ජනෙලෙන් එලියට දාගෙන ගියා.අනේ මංදා උන්දා ඒ වරද කවදා තෙරුම් ගනිවිද කියලා.වරදටත් වඩා මනුස්සකම කියන්නෙ මොකක්ද කියන එක කවද තේරුම් ගනීවිද කියලා.සමහරවිට කවදාවත් තෙරුම් ගන්න එකක් නෑ.ඔය මනුස්සයනම් තව අවුරුදු 10කින් 15කින් මැරිලා යයි.එත් ඔය වගේම පිල්ලි ටිකක් ඉතුරු කරලාද යන්නේ කියන එකයි දුක.
බෞද්ධ රටක ජිවත් වෙන මිනිස්සු දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මා කෙනෙකුට,දරුවෙක් වඩාගෙන බස් එකට ගොඩවෙන අම්මා කෙනෙකුට ඉදගන්න ඉඩක් දෙන්නෑ කිව්වම ඔයලාට මොනද හිතෙන්නේ....එක අතකට ඒක ඒහැටි දෙකුත් නෙවෙයි නේ....තමන් දසමාසයක් කුසේ දරා බිහිකරපු දරුවව වැසිකිලි වලවල් වලට දාන,ගින්දරට දාන,ගගේ මුහුදේ දාන අම්මලත් ජිවත් වෙන්නේ මේ බුදුන්ගේ දේශයයි කියලා හැමතැනම ගහගෙන ඉන්න මේ දේශයෙම තමයි නේ...ඇයි ඒ විතරක් ද? අවුරුදු 20,25ක් තමන්ව ජිවත් කරවන්න දහදුක් විදපු ආදරණීය අම්මලව තාත්තලව කපලා කොටලා මරලා හන්ගන්නෙත් මේ දෙශයෙම තමයි නේ.
අනේ අපේ බුදුන් වහන්සේ දන්නවනම් උන්වහන්සෙගේ දේශයයි කියලා ලේබල් ගහගෙන ඉන්න මේ රටේ මෙහෙමත් දේවල් වෙන බව..........

14 comments:

  1. ඔයා කියන එක හරියට හරි. දැන් වෙන ජාතිත් එක්ක ඔහොම දෙයක් වෙන එක අමුතු දෙයක් නෙමෙයි කියලා තමා මට නම් හිතෙන්නේ.

    මිනිස්සු ඒ තරමටම පිරිහිලා........

    ReplyDelete
  2. මෙහෙමත් ගෑනු..

    ReplyDelete
  3. හොඳට ඇහැරලා හිටි අය නින්දට යන්නෙත්, පත්තර දිගඇරගන්නෙත් සීට් එකක් ඉල්ලනකොටයි. ගැබිණි අම්මා කෙනෙකුට සීට් එකක් ඉල්ලනකොට මුලින්ම අහක බලන්නෙ කාන්තාවො. ඒ අයට දරුවො ලැබිලා නෑ වගේ කවදාවත්.

    ඕකෙ තවත් පැත්තක් තමා සමහරු සීට් එකක් ගන්න හිතාගෙනම
    දරුවන්ව වඩාගෙන බස් එකට නගිනවා. හොඳට ඉඳගෙන ගමන ගිහින් බස් එකෙන් බහින්නෙ දරුවව ඇවිද්දවගෙන. (දරුවා පඩිපෙල බහිනකොටවත් වඩාගන්නෙ නෑ.)

    ReplyDelete
  4. හ්ම්...ඒකත් ඇත්ත තමා අක්කේ.මාත් දැකලා තියෙනවා ඔහොම ඇත්තන්ව. ඒත් මේ අක්කාගේ බබානම් එහෙම නෑ.



    ස්තුතියි අදහස් දක්වපු හැමොටම

    ReplyDelete
  5. ඔතනදි කරන්න ඔනා.. අර නපුරු ගැහැණි බහින තන කිට්ටු කරනකන් ඉදලා ගැහැනි බහින්න පාපුරුවෙ පළවෙනි පඩියට කකුල තියද්දි හයියෙන් පස්සට එකක් ගහන්න ඔනා. ගහපු ගමන් ඩ්‍රයිවර්ට කැගහන්න ඔනා.. හරි හරෙ.. කියලා හයියෙන්.. මම නම් කවදාවත් බස් එකෙ කොලඹ ඉදන් ඉදගෙන ගමට ඇවිල්ලා නැහැ. මගදි මොකෙක් හරි හම්බ වෙනවා මටත් නැගිටින්න වෙනවා..

    ReplyDelete
  6. මනුස්සකම බලෙන් ඇතිවෙන්නෙ නෑ .. ඒක එන්නෙ හදවතින්මයි...

    ReplyDelete
  7. අනේ ඉතින් ඔහොම ඉඳල මැරිල යාවි............

    ReplyDelete
  8. කවදාවත් ගෑණු කෙනෙක් තවත් ගෑණු කෙනෙක්ට සීට් එකක් දෙනවානම් දැකලා නෑ.ඒ ඇයි කියල අහන්ඩ ඔනේ ගෑණු කෙනෙක්ගෙන්ම තමා.

    ReplyDelete
  9. ඒ වගෙ අය ඕන තරම් ලංකාවේ ඉන්නවා. ඒ අයගෙ එ තත්වය පාලනය කරගන්න බැරුව මිනිස්සුන්ට වදයක් වුනාම තමයි පිස්සන් කොටුවට ගෙනිහින් දාන්නේ. නංගා අපි පිස්සෙක් කාටවත් කරදරයක් නැතුව ඔහෙ කියව කියව යනවනම් මිනිස්සු ගනන් ගන්නෙ නෑ නේද? කවුරුවත් මුකුත් කියන්න යන්නෙත් නෑ. ඕනමනම් ලග ඉන්න කාට හරි කියයි පීස්සෙක් කියලා.

    මම එතන හිටියනම් පුලුවන්නම් කරන්නෙ කාටත් ඇහෙන්න එ ළමයා එක්ක ඉන්න කෙනට කතා කරල සීට් එක දීලා අර කෑ ගහපු ගෑණු කෙන ලගට ගිහින් මුහුණ බලලා හින වෙලා ළග ඉන්න කාට හරි කියනවා ඒ ගෑණු කෙනාට ඇහෙන්න "පව් අනේ මුහුණ බැලුවම කියන්නත් බෑ.. ඒත් මොලෙ අමරුවක් තියනවනෙ" කියලා...
    නංගා ඒ වගෙ අයට කවදත් කියලා තෙරුම් කරලා දෙන්න බෑ... ඊට වඩා හොදයි පිස්සෙක් කියල හිතා ගන්න එක...
    ඔය වගේ ඉතාම සුළු කොටසක් අපේ සමාජයේ ඉන්නෙ නංගා...

    ReplyDelete
  10. සිතට දැනෙන දේ....
    ඔයාටත් ගොඩක් ස්තුතියි අයියේ..කෝ ඔයාව බලන්න ගියා ඒත් මොකුත් ලියලා නෑ නේ තවම.ඉක්මනට ලියන්න පටන්ගන්න.

    ReplyDelete
  11. මමනම් ඔතන දකින පොදු හා පුදුම දේ මේකයි. Kalavedda ඒ දේ කියල තියෙනවා නේ. සමහර ගෑණු බස් වල යන්නෙ තමන් කවදාවත් ලමයි හදන්නෙ / හදල නැති ගානට.

    ReplyDelete
  12. සුදු මහත්තයා...
    ඒක ඇත්ත අයියේ..
    ස්තුතියි ඔයත් මේ පැත්තට අවාට

    ReplyDelete
  13. මනුස්සකම කියන දේ දැන් හුඟක් දෙනා ගාව නැහ. ඒකයි ඔහොම හැසිරෙන්නේ. සත්තුන්ටත් අන්ත විදියට...

    ReplyDelete
  14. ඔව් අයියේ ඒක තමයි හේතුව..ස්තුතියි මේ පැත්තේ අවාට

    ReplyDelete